ක්‍රියාකරන්නේ ජංගම දුරකථනයෙන්..
මෙවර උසස් පෙළ ලියන ශිෂ්‍යයෙක්..
නවීන තාක්ෂණයත් සමඟ දවසින් දවස දියුණුවන ලෝකයේ විවිධාකාර නව නිර්මාණ බිහිවෙනවා. ඒ වගේ නව නිර්මාණයක් කරපු ශ්‍රී ලාංකික තරුණයෙක් පිළිබඳ පුවතක් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
නමින් මලින්ද විජේසේන වන මෙම තරුණයා තම්මැන්නාව වේලුසුමන විද්‍යාලයේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින තරුණ ශිෂ්‍යයෙක්.
මිලින්ද විසින් නිර්මාණය කර තිබෙන නවතම නිර්මාණය වන්නේ ජංගම දුරකථනය මගින් දුරස්ථව පාලනය කල හැකි අහස්කූරු දල්වන යන්ත්‍රයක්.
මෙම නිර්මාණයට යොදා ගෙන ඇත්තේ Arduino Blutooth Fireworks ලෙස නම්කර ඇති ජංගම දුරකථනය උපාංගයයි.
මොහු විසින් නිර්මාණය කරල ලද මෙම නව නිර්මාණය නිසා ඉතාම ආරක්ෂාකාරී ලෙස ගිණිකෙළි භාවිතා කළ හැකිවනවා.
මිලින්ද මෙම නිර්මාණයට අමතරම තවත් නිර්මාණයන් රැසක් තමා විසින්ම නිර්මාණය කර තිබෙන බවයි දැනගන්නට ලැබුණේ.
උසස් පෙළ විභාගයේ පාඩම් වැඩ අතරතුරත් තම බුද්ධිමය හැකියාව යොදා ගනිමින් මිලින්ද කරන ලද මෙම නව නිපැයුම ශ්‍රී ලාංකික වන අපටත් අපේ රටත් මහත් ආඩම්බරයකි.