අධිවේගී මාර්ගයක රිය අනතුරකදී ගිනිගත් මෝටර් රථයක සිටි මවක් හා දරුවෙකු බේරාගත් නිර්භීත ට්‍රක් රථ රියදුරෙකු පිළිබඳව ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයෙන් වාර්තාවේ.
මෙම අනතුරින් වාහනය ගිනිගැනීමට ලක්වී ඇති අතර කාන්තාවගේ පාදයක් බිඳී තිබීම නිසා ඇයට වාහනයෙන් එළියට ඒමට හැකියාවක් නොතිබුණි.
මෙය දුටු ට්‍රක් රථ රියදුරු ඔහුගේ වාහනයේ වූ අනෙක් පුද්ගලයාගේ දැඩි විරෝධතාවය නොතකා තම වාහනයේ තිබූ ගිනි නිවන උපකරණය රැගෙන ගිනිගෙමින් තිබූ වාහනයට දිව ගොස් ගින්න නිවා තිබුනේ වාහනය පුපුරායෑමට ඔන්න මෙන්න තිබියදීය.
එම සිදුවීම වාහනයේ වූ කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.