සුන්දර ජිවිතයක් ගත කරන ඇතැමුන්ට නොසිතූ මොහොතක විපතක් වුණොත් එය දරා ගැනීමට නොහැකි වෙනවා. නමුත් ශක්තියෙන් විශ්වාසයෙන් ඒ නැති වුණු ජිවිතේ යළි ගොඩනගන්නත් පුළුවන්.
මේ කියන්න යන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව අලුත් හුස්මක් ගන්න පසුබිම හදාගත්ත දිරිය කාන්තාවක් ගැනයි. ඇය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඉන්නේ. නම Dana Vulin. 2012 පෙබරවාරි මාසේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා.
ඇයට කාන්තාවක් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ Natalie Dimitrovska කියන කාන්තාව. Danaගේ සැමියා උත්සවයකදී Natalie සමග කතාබහ කරමින් සිටිය හැටි Dana දකිනවා. ඇය හිතන්නේ තම සැමියා සමග ඒ කාන්තාව සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන බවයි. ඒ සැකය නිසා නිවසට පැමිණීමට ප්‍රමාද වූ සැමියාව සොයාගෙන Dana Natalieගේ නිවසට යනවා.ඒ යන්නේ තම සැමියා එක්ක යහන් ගත වුවාද යන්න බැලීමටයි. නමුත් එහි ඇගේ සැමියා නැහැ.