කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ අනුව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ දරණ සියලුම කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම් උල්ලංගණය කිරීමේ චෝදනා අමාත්‍ය විජේදාස රාජපක්ෂට එල්ල වී ඇති බවයි.
එම චෝදනා නිවැරදි කිරීම සඳහා ඊයේ (21) දිනය දක්වා කාලය ලබාදී තිබූ නමුත්, එම නිවැරදි කිරීම් සිදුනොවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.