Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
22
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීලඟ එක්දින තරඟයෙන් වාර්තාපොතට යන සුපිරි පිතිකරුවන් දෙදෙනා මෙන්න!

- ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීලඟ එක්දින තරඟයෙන් වාර්තාපොතට යන සුපිරි පිතිකරුවන් දෙදෙනා මෙන්න!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලියේ මීළඟට පැවැත්වෙන තරඟයකදී වාර්තා පොතට එක්විය හැකි සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් පිලිබඳව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් මෙලෙස වාර්තා කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පිළිබඳවයි.

ඉන්දීය ක්‍රිකට් පිළේ නායක විරාට් කෝලි, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී තවත් වාර්තාවක් පිහිටුවීමට ආසන්න වී සිටින බව ඒ අනුව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඒ, මේ වසර තුළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් ක්‍රීඩකයා බවට පත්වීමටයි.

මේ වසරේදී දැනට ඔහු එක්දින ලකුණු 769ක් රැස් කරගෙන සිටින අතර, දකුණු අප්‍රිකානු ක්‍රීඩකඩුප්ලෙසි ලකුණු 814ක් සහ එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ලකුණු 785ක් රැස් කරගෙන සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල ද සිටින්නේ සුපිරි වාර්තාවක් අභියසයි.

ලෝකයේ වේගයෙන්ම එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමට හෝ එම වාර්තාව සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කරයුතු කරන නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව හිමිවී තිබෙනවා.

දික්වැල්ල මේ වනවිට එක්දින තරඟ 20 කදී ඉනිම 19ක් තුළ රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 831ක්.

ඒ අනුව ඔහුට එක්දින ලකුණු 1000 සීමාව පසු කිරීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 169ක් පමණයි.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි තරඟ දෙක තුලදී ඔහුට එම ලකුණු 169 ලබා ගැනීමට හැකියාව ලැබුන හොත් වේගයෙන්ම එක්දින ලකුණු දහසේ සීමාව පසුකරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන සර්.Viv Richards තබා ඇති වාර්තාව සම කිරීමට හැකියාව ලැබෙනවා.

සර්.Viv Richards එක්දින ලකුණු දහසේ සීමාව පසුකිරීමට එක්දින ඉනිම් 21 ක්‍රීඩා කර තිබෙනවා.

මේ වන විට එක්දින තරඟ ඉතිහාසය තුල වේගයෙන්ම ලකුණු 1000 සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයන් එය පසුකර ගොස් ඇතතේ ඉනිම 21කින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන්  එක්දින ලකුණු 1000 වේගයෙන්ම පසුකර ඇත්තේ රෝයි ඩයස් වන අතර ඔහු ඒ සඳහා එක්දින ඉනිම 27ක් වැය කර තිබෙනවා.

ඉන්දියාව සමඟ ඊයේ පැවති තරඟයේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා.

එක්දින ලකුණු 831ක් ලබා ගෙන සිටින දික්වැල්ල එක්දින ශතක 02ක් සහ අර්ධ ශතක 05ක් රැස්කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී දික්වැල්ලට ලකුණු 169ක් ලබා ගැනීමට හැකියාව හිමිවුවහොත් ඉනිම් 20ක් තුලදී වේගයෙන්ම එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමේ ලෝක වර්තාවට හිමිකම් කියනු ඇති.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top