සිංගප්පූරුව ආසන්න මුහුදේදී පසුගියදා ඇමරිකානු නාවික ප්රහාරක යාත්රාවක් සහ තෙල් ප්රවාහන යාත්රාවක් ගැටීමෙන් ඇමරිකානු නාවික සෙබළුන් 10 දෙනෙකු අතුරුදන් වී ඇති අතර සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
USS ජෝස් එස් මැක්කේන් නැමැති මිසයිල ප්රහාරක යාත්රාව සිංගප්පූරුවෙන් නැගෙනහිර ප්රදේශයේ යාත්රාකර වරායේ නැවැත්වීමට උත්සාහ කරන අවස්ථාවේදී ලයිබීරියානු ධජය යටතේ යාත්රා කරන තෙල් ප්රවාහන යාත්රාව සමග ගැටී තිබෙනවා.
තෙල් යාත්රා වේ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර තෙල් කාන්දුවීමක්ද සිදුවී නැහැ.
තෙල් ප්රවාහන යාත්රාවේ ටොන් 30,000 ක ධාරිතාවක් ඇති තර එය ඇමරිකානු නාවික යාත්රාව මෙන් තෙගුණයකි.