ඉන්දියාවේ ජීවත්වෙන කලීම් නමැති දරුවෙක්ට අරුම පුදුම අත් දෙකක් පිහිටියේ සිද්ධියක් වාර්තාවේ. ඔහුට මෙම තත්ත්වයට මුහුණදීමට සිදු ව ඇත්තේ උපතින් ම බව වාර්තා වේ.
කිලෝ ග්‍රෑම් 12 ක් බරැති දෑතක් හිමි 08 හැවිරිදි මෙම දරුවාගේ අත්ලේ ප්‍රමාණය අඟල් 13කි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ප්‍රිය කරන අතර ජීවත් වන්නේ දිළිඳු පවුලකය.
තම පාසල් ජීවිතයද අතහැර දමා ඇති මෙම දරුවාට සමාජයේ ද බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදුවන බවත් ඔහුගේ මිතුරන් මෙම දරුවාට බියවන බැවින් ඔහුට පාසල් නොපැමිණෙන ලෙස සිය ගුරුවරුන් පවසා ඇත.
මෙම දරුවාට නිතර සෙසු දරුවන් අඩන්තේට්ටම් කරන බවත් සිය දෛනික කටයුතු හෝ සිදු කර ගැනීමට නොහැකි බවත් වාර්තා වේ. බොත්තම් දැමීම, කලිසම හැඳ ගැනීම වැනි සුළු ක්‍රියා කර ගැනීම මෙම දරුවාට මහත් අසීරු කාර්යන් වේ. සිය දෑතෙන් මෙම දරුවාට වතුරු වීදුවක් පානය කිරීම පමණක් කර ගැනීමට හැකි බවත් ආහාර ගැනීම පවා සිදු කර කිරීමට නොහැකි ය.
සැත්කමක් සිදු කිරීමට මෙම දරුවා බියෙන් පසුවන බවත් lymphangioma නමැති රෝගය හෝ hamartoma නමැති රෝගය මෙම දරුවාට ඇති බවට වෛද්‍යවරු අනුමාන කරති. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 2250 ක් වැනි සුළු මුදලක් මෙම දරුවාගේ පවුලේ ආදායම බවත් මොහුගේ පියා කුලි වැඩ කරන බවත් වාර්තා වේ.
මෙම දරුවා ඉපදෙනවිට සාමන්‍ය දරුවෙක්ගේ දෑතක් මෙන් දෙගුණයක් විශාලත්වයෙන් යුත් දෑතක් හිමි ව තිබේ. කුඩා අවධියේ දී දෑතේ එතරම් වෙනසක් නොවුණ බවත් දරුවා වැඩෙනවිට එය විශේෂයෙන් පෙනී තිබේ.
මෙම දරුවාගේ දෑත තව දුරටත් වර්ධනයවන බවත් මීට හේතුව සොයා ගැනීමට වෛද්‍යවරු අසමත් ව ඇත. මෙම දෑත අසාමාන්‍ය ලෙස වර්ධනයවීම මෙම දරුවාගේ ලේ ගමනාමනයට බලපෑමක් ඇති කරන බැවින් ඔහුගේ ආයු කාලය ද කෙටි බවට වෛද්‍යවරු පවසා තිබේ.
දරුවාගේ වීඩියෝව පහතින්....