ලණු මගින් එල්ලූ කඩු නවයක් උඩ දිගාවි කාවඩි නටමින් නල්ලූර් කන්දසාමි කෝවිලේ භාරයක් ඔප්පු කළ පුද්ගලයෙකු නල්ලූර් වාර්ෂික මංගල්ලයේදී ඊයේ (21) දැක ගැනීමට හැකිවුනා.
නල්ලූර් කන්දසාමි කෝවිලේ දිය කැපීමේ මංගල්ලය පැවති අවස්ථාවේ සිය බාරයක් ඔප්පු කිරීම වෙනුවෙන් අදාළ පුද්ගලයා ලණු මගින් එල්ලූ කඩු නවයක් මත දිගාවි උඩට හා පහතට යමින් පූජාව පවත්වනු ලැබුවා.
නල්ලූර් කෝවිලේ දිය කැපීමේ මංගල්ලය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වු අවස්ථාවේදී අදාළ පුද්ගලයා ට්‍රැක්ටර් රථයක තල්- ලී ගැට ගසා තල්- ලී මත ලණු ඇද ඒ මත කඩු නවයක් එල්ලා කඩු මත දිගා වී පූජාව පවත්වා තිබෙනවා.