Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
22
පස් කන්දකට යටව තම නිවෙස් අහිමව අවතැන් වුවත් ශිෂ්‍යත්වය මුහුණ දුන් දැරියන් දෙදෙනෙකුගේ කදුළු කතාව - Video

- පස් කන්දකට යටව තම නිවෙස් අහිමව අවතැන් වුවත් ශිෂ්‍යත්වය මුහුණ දුන් දැරියන් දෙදෙනෙකුගේ කදුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
"අපේ ගේ විනාශ වුණා..මගේ පොත් පත් නෑ..අපට තාම ගෙයක් නෑ"

"තාත්තා නැතිවුණු දුකට මෙයාට කතා කරන්න බෑ "

මෙවර 5 වසර ශිෂ්‍යත්වය පෙනී සිටි අවතැන් දැරියන් දෙදෙනෙකුගේ සංවේදී පුවතක් දෙනියාය - කුඩගලහේන ප්‍රදේශයෙන් වාර්තා වුණා.


දෙනියාය කොළවෙනිගම, කුඩගලහේන ප්‍රදේශයේ පදිංචි රශ්මි දිනූෂිකා සහ චේතනා දිල්රුක්ෂි දැරියන් දෙදෙනාගේ නිවෙස් වලට මැයි 26 දින ඇති වුණු දරුණු නායයෑම් තත්වයක් නිසා නිවාසයක් විශාල ලෙස විනාශ වී තිබුණා.

මේ නිසා ඔවුන්ට සිදු වුණේ තම නිවෙස් අතහැරදමා ආරක්ෂිත ස්ථානයකට යෑමයි.

පසුව අසරණ වූ දැරියන් දෙදෙනා ඇතුළු සිය පවුලේ සාමාජිකයින්ද වාසය කලේ කුඩගලහේන ප්‍රජාශාලවක් තුළයි.

පවුල් දෙකකට එහි වාසය කිරීම නොහැකි නිසා චේතනා සහ ඇගේ පවුලේ සාමාජිකයින් ඇගේ මවගේ සහෝදරියකගේ නිවසේ වාසය කල අතර , රශ්මි සහ ඇගේ පවුලේ සාමාජිකයින් අද වන තුරුත් වාසය කරන්නේ ජලයත් විදුලියත් සපයා නොමැති මෙම ප්‍රජාශාලාව තුළ බවයි වාර්තා වුණේ.

පස් කන්දට යටව රශ්මිට අහිමි වූයේ තම නිවස පමණක්ම නොව ඇගේ ඇඳුම් පැළඳුම් හා පොත්පත් ය. එම නිසා මෙවර පැවති ශිෂ්‍යත්වය විභාගයට රශ්මි ඇඳ ගෙන ගොස් තිබුණේ අසල්වාසී යෙහෙළියකගේ පාසැල් නිල ඇඳුමකි.

කෙසේ වෙතත් සිදු වූ නායයෑමෙන් රශ්මිගේ නිවස මුළුමනින්ම විනාශ වී ගියත් චේතනාගේ නිවසට හානි නොවුවද එම පවුල් දෙකටම එම ස්ථාන වල පදිංචිය අවදානම් බව කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දී තිබෙනවා.

මෙලෙස අවතැන් වීමෙන් පසු චේතනාගේ පියා තමන් ඇතුළු පවුලේ සාමාජිකයින්ට මුහුණ දීමට සිදුවූ දේ ගැන සිත්තැවුලට පත්ව සිතේ හටගත් වේදනාවෙන් රෝගීව මීට මසකට පමණ පෙර මෙලොව හැර ගියා. පියාගේ මරණයත් සමඟ චේතනා දියණියද කතා කිරීමට නොහැකිව දැඩි කම්පනයකට ලක්ව සිටින බවයි මව පැවසුවේ. චේතනාගේ සොහොයුරා ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගද පෙනී සිටීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

රශ්මිගේ , චේතනාගේ මව්වරුන් කියා සිටියේ මේ වන තෙක් ඔවුනට කිසිඳු සාධාරණයක් බලධාරීන්ගෙන් ඉටු නොවී ඇති බවයි.

එළඹෙන 26 දිනට මාස තුනක් ගතවෙත්ම මේ වසරේ මැයි දින පැවති අයහපත් කාලගුණයෙන් අවතැන් වූ රශ්මිට මෙන්ම චේතනාට අනාගතයක් ගැන සිහිනයක් මවන්නට තමන්ගේම නිවසක සිහිනය සැබෑ විය යුත්තේ බලධාරයින්ගේ මැදිහත් වීමෙන් නොවේද?

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top