ජංගම දුරකතනය සඳහා කාඩ් පතක් ද රැගෙන ඇවිත්...
රැකියාවටත් ගිහින් නැහැ...
ත්රිකුණාමලය වරාය පොලිස් බල ප්රදේශයේ අවුරුදු 18ක තරුණයෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
අද(21) පෙරවරු 11ට පමණ මෙය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නැති අතර මව කෝවිලට ගොස් සිටියා.
මෙසේ මියගොස් ඇත්තේ රේමන් ක්වින්ටස් නමැති 18 හැවිරිදි තරුණයෙක්.
අද(21) ඔහු සිය රැකියාවට යාමට නියමිතව තිබුනත් ඔහු එහි ගොස් නැහැ.
ඊට අම්මා දොස් කියා බැණ වැදී ඇති බවයි වාර්තා වුනේ.
ඊට මෙම තරුණයාගේ සිත රිදී මෙසේ දිවි නසාගෙන ඇතැයි සඳහන්.
කෙසේවෙතත් මව කෝවිලට යනතෙක් හිඳ ඔහු අසල වෙළෙඳ සැලකට ගොස් සිය ජංගම දුරකතනය සඳහා කාඩ් පතක් ද රැගෙන නිවස වෙත පැමිණි බවද වෙළෙඳ සැල අසල සිටි පුද්ගලයන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් පසුව ඇමතුම් ගැනීම පිළිබඳ සොයා ගැනීමට පොලිසියට හැකි වී නැත්තේ දුරකථනය අගුලු දමා (LOCK) කර තිබීම හේතුවෙන්.