අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කළ අමාත්‍ය කමිටුවේ නිර්දේශ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතයි.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා අප කළ විමසීමකදී සඳහන් කළේ අදාල නිර්දේශ මැති ඇමතිවරුන්ට අද (21) දිනයේදී ලිඛිතව හෝ වාචිකව භාරදීමට ඉඩ ඇති බවයි.
මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමක් ද අද (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබඳ සාකච්ඡා කිරීම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති වුවද ඒ පිළිබඳව ස්ථිර ලෙසම අවධානය යොමුවනු ඇති බවයි වාර්තාවන්නේ.
පසුගිය 17 වනදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණු අතර, එහිදී ඔහු විශ්වාසය කඩකර ඇති බවට යෝජනාවක්ද සම්මත කර ගැනුනා.
පසුව මේ පිළිබඳව සොයා බැලීමට පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා.
මෙම කමිටුව විසින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, එහි නිර්දේශයි පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතව ඇත්තේ.