පුරුෂයන්ගේ ආකර්ෂණය දිනාගැනීමටලු....
තම ස්වරූපය ලිංගික බෝනික්කෙකු ලෙස වෙනස් කර ගැනීමට උත්සහයක යෙදෙන තරුණ කාන්තාවක් පිළිබඳව එංගලන්තයේ, මැන්චෙස්ටර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සින්ඩි මෝර් නමැති 31 හැවිරිදි මෙම කාන්තාව දරුවන් දෙදෙනෙකුගේ මවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය සැමියා අතහැර යාමෙන් පසු කලකිරීමට පත්ව ඇති ඇය මෙලෙස සිය ස්වරූපය වෙනස්කර ගැනීමට කටයුතු කරන බව සඳහන්.
සින්ඩි මෝර් මෙම කටයුත්ත සඳහා මේ වනවිට පවුම් දස දහසක පමණ මුදලක් වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ස්වරූපයට පත්වීම සඳහා මැය මසකට තුන් වතාවක් පමණ සිය දෙතොල් සැකසීමේ කටයුතු වල නිරත වන බව සඳහන්.
තමන් එපා වී සිය පුතා සහ දියණිය අතහැර වෙනත් කාන්තාවක් සමඟ ගිය සැමියා ගිය දුකට මෙලෙස ස්වරූපය ලිංගික බෝනික්කෙකු ලෙස වෙනස් කරගැනීමට කටයුතු කරන සින්ඩි මෝර් පවසන්නේ තමන්ට වයස අවුරුදු 19 දී පමණ මේ සම්බන්ධයෙන් සියුම් ආශාවක් පැවතුනු බවයි.
කෙසේ වෙතත් ඇය පවසන්නේ මෙලෙස ස්වරූපය වෙනස් කර ගැනීමෙන් පසු තමන්ට පුරුෂයන්ගේ ආකර්ෂණය කර ගැනීමට හැකි බවයි.