Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
21
"මේ ගැන අපේ ගෙදර අයනම් දැනගත්තා ..එතකොට අපේ ආදර කතාව ඉවරවෙලා..."

- "මේ ගැන අපේ ගෙදර අයනම් දැනගත්තා ..එතකොට අපේ ආදර කතාව ඉවරවෙලා..."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
"මම කාගෙවත් පෙම්වතියක්‌ නෙවෙයි.."

"හිතෙන් ආදරය කරන අයත් ඉන්නවා.."

ධනංජි තාරුකා කියන්නේ පුංචි තිරයේ ඉන්න දගකාර පෙම්වතියක් කිව්වොත් හරි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ව ආමන්ත්‍රණය කර ධනංජි ආදරේ ගැන පුවත්පතකට මේ විදිහට කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.

ධනංජිගේ ජීවිතයට ආදරයක්‌ මුණගැහෙන්නේ කවදාද ?
මගේ ප්‍රථම ප්‍රේමය මට හමුවෙන්නෙ පාසල් සමයේදී. මුලදී අපි යාළුවො විදිහටයි දැන හදුනාගෙන හිටියේ. පස්‌සේ එයා මට ආදරෙයි කිව්වා. ඔය විදිහටයි අපි පෙම්වතුන් වුණේ.

කුළුඳුලේම පාසල් පෙම්වතියක්‌ වුණාම ප්‍රශ්න බාධකත් එන්න ඇති නේද ?
ඒ කාලේ දුරකථන භාවිතයක්‌ තිබුණේ නැහැ. පාසල් වියේ ප්‍රේමයක්‌ නිසා අපි ලියුම්වලින් තමයි ආදරය හුවමාරු කරගත්තේ. ඒ ආදරේ හරි චමත්කාරයක්‌ තිබුණා. ඒත් මේ ආදරයත් එක්‌ක ලොකු ප්‍රේම කතාවක්‌ නම් ගලාගෙන ගියේ නැහැ. මොකද අපි ඉස්‌කෝලෙන් අස්‌වෙන්න ආසන්න කාලේ මේ සම්බන්ධය පටන් ගත්ත නිසා පාසලට ආරංචි වෙයි කියලා ලොකු බයක්‌ තිබුණේ නැහැ. පස්‌සේ කාලෙක මේ ගැන අපේ ගෙදර අයනම් දැනගත්ත එතකොට අපේ ආදර කතාව ඉවරවෙලා.

මැකීගිය ප්‍රේමයක නටබුන් ගැනද ඔබ මේ පවසන්නේ ?
ඔව්. මගේ අරමුණක්‌ තිබුණා රංගනයට සම්බන්ධ වෙන්න. ඒ ගැන එයාගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ. අපි දෙන්න ඉස්‌කෝලෙන් පස්‌සේ යොමුවුණේ වෙනස්‌ ක්‌ෂේත්‍ර දෙකකට. අපි ප්‍රේම කරන කාලෙත් අපේ අදහස්‌වල නොගැලපීම් තිබුණා. සමහර විට මට වගේම එයාටත් වැටහිලා තියෙන්න ඇති මේක පවත්වාගෙන යන්න අපහසු ප්‍රේමයක්‌ කියලා.

කඳුළකින් සුසුමකින් තොරවම ඔබ දෙදෙනා සමුගත්තද ?
එහෙම කියන්න බැහැ. ඕනෑම ප්‍රේම කතාවක හිනහව වගේම කඳුළත් තියෙනවානේ. ඒත් මේ ආදරය නැතිවම බැහැ කියන දැඩි හැගීමක්‌ හෝ බැදීමක්‌ ඒ ආදරයත් එක්‌ක මා ළඟ තිබුණේ නැහැ. අපි අපේ නොගැළපීම් වටහාගෙන හිටියා. මම ඉස්‌කෝලෙන් අස්‌වුණ ගමන් රංගන ක්‍ෂේත්‍රයට ආවා. ඒ තුළ ඇතිවුණ කාර්යබහුලත්වයත් එක්‌ක මට සමහර විට විරහවේ වේදනාව තදින්ම නොදැනුණා වෙන්නැති.

ධනංජි ප්‍රථම ප්‍රේමය තුළ හුවමාරු වුණ ආදරණීය තිළිණ මොනවද ?
ඒ කාලෙ මුදල් යොදවලා තෑගි ගන්න තරම් සල්ලි නැහැනේ. මම එයාගේ උපන් දිනයකට ලස්‌සන උපන්දින සුබපැතුම් පතක්‌ තමයි දුන්නේ. එයාගෙනුත් මට ලැබුණේ උපන්දින සුබපැතුම් පතක්‌ම තමයි.

අද දවසේත් ඔබ ආදරයකට හිමිකාරියක්‌ වෙලාද?
නැහැ. අද මගේ ළග මටම කියලා ආදරයක්‌ නැහැ. මේ වෘත්තියේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්‌ක මම තවමත් ආදරයක්‌ ගැන හිතන්නේ නැහැ.

තරුණියක්‌ විදිහට ආදරය හා විවාහය ධනංජිගේ ලෝකයෙන් ඈතට ගිය හැගුම් වෙන්න බැහැනේ ?
ආදරය කියන මාතෘකාව මගේ ජීවිතයෙන් දුරස්‌ කරලා නැහැ. නමුත් අද දවසේ මම කාගෙවත් පෙම්වතියක්‌ නෙවෙයි. හෙට දවසේ ඒ පසුබිම වෙනස්‌ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කොහොම වුණත් දැන්ම විවාහයක්‌ කරා යන්න මගේ අදහසක්‌ නැහැ.

ධනංජි කවදාක හරි තමන්ගේ ප්‍රේමය පුදන්න පෙරුම් පුරන්නේ මොනවගේ කෙනෙකුටද ?
සියයට සියයක්‌ ගැළපෙන අයනම් අඩුයි. එහෙම කෙනෙක්‌ ලැබෙනවා නම් හොදයි. මම ආදරය කරන්න තෝරගන්න කෙනා මේ විදිහට විය යුතුයි කියල නිශ්චිතව කියන්න බැහැ. ජීවිත කාලෙටම අවංකව ආදරෙන් ඉන්න කෙනෙක්‌ තමයි ප්‍රාර්ථනා කරන්නේ.

ජනප්‍රිය කෙනකුට ආදර යෝජනා නොලැබෙනවා කියන්නත් බැහැනේ ?
එහෙම ආදරය කරන අය ඉන්නවා. සමහර අය ඒ ගැන විමසනවා. තවත් සමහරු අපේ ගෙදරට ඇවිත් ඒ ගැන මගේ දෙමව්පියන්ටත් පවසලා මගේ ආදරය අපේක්‌ෂා කරන අවස්‌ථාත් තියෙනවා. ඒ පිටතට ප්‍රකාශ නොකර හිතෙන් ආදරය කරන අයත් ඉන්නවා. නමුත් ඒ ආදර හැගුම්වලට මගෙන් නම් තවම ප්‍රතිචාර ලැබිලා නැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top