"තාත්තේ අද මං ශිෂත්වය ලියන්න යනවා"
"මෙවර උසස්පෙළ විභාගයටත් එක දුවෙක් පෙනි ඉන්නවා"
"මට කිව්වේ මන් නැති වුනත් දරුවෝ ටිකට හොදට උගන්වන්න කියලා"
සිය පියාගේ දේහය නිවස තුළ තිබියදී, හැඩූ කඳුළින් යුතුව දේහයට වැද ඊයේ (20) පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා නිවසින් පිටත් වූ දියණියක් පිළිබඳ ශෝක ජනක පුවතක් සුරියවැව විහාරගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අවුරුදු 52ක් වයසැති ඇගේ පියා අකල් මරණයකට ගොදුරු වූයේ මොළයේ පිළිකාවක් වැලදීම හේතුවෙන්.
එමෙන්ම මෙම දියණියගේ වැඩිමහල් සොහොයුරියක් ද මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා.
විභාගයට යන්නට පොත් කිහිපයක් අතට ගත් දියණිය මවටද වැද පසුව පියාගේ දේහය අසලට ගොස් වැද තාත්තේ අද මන් ශිෂත්වය ලියන්න යනවා යැයි පවසා කදුළු පිස දමමින් නිවසින් පිටව ගියේ මළ ගෙදරට පැමිණ සිටි කාගේත් නෙතට කදුලක් එක් කරමින්.
පියාගේ හදිසි වියෝවෙන් දියණියන් දෙදෙනාම දැඩි සංවේගයට පත්ව ඇති බවයි මව කියා සිටියේ.
මියගිය සැමියාගේ බිරිද