මීට වසර 72 කට පෙර දෙවන ලෝක යුද සමයේ අවසන් දිනවලදී ජපාන සබ්මැරීන, ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වනු ලැබූ ඉන්දියානාපොලිස් යුද නෞකාව පැසිෆික් සාගරයේ අඩි 18,000 ක් ගැඹුරු මුහුදු පත්ලෙන් සොයාගැනීමට හැකිවී තිබෙනවා.
මෙය ඇමරිකානු නාවික ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළි කරගැනීමක් ලෙසයි සැළකෙන්නේ.
1945 වසරේ ජූලි 30 වනදා ඉන්දියානාපොලිස් නෞකාව ජපාන ටෝපිඩෝ ප්‍රහාරයට ලක්වූයේ හිරෝෂිමා න්‍යෂ්ටික බෝම්බයේ උපාංග රහසිගතව ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම නිමාවීමත් සමගයි.
විනාඩි 12 ක් ඇතුළත නෞකාව ගිලූණද එහි සිටි නාවිකයන් 1196 දෙනෙකු අතුරෙන් වැඩි දෙනෙක් මියගියේ විජලනය, දියේ ගිලීම සහ මෝරුන්ගේ ප්‍රහාරවලට ගොදුරුවීමෙන්.
316 දෙනෙකු එහිදී දිවි ගලවාගත් අතර, ඉන් 22 කු අදත් ජීවත්වනවා.