තාක්ෂණයත් සමඟ දිනෙන් දින දියුණුවන ලෝකයේ තාක්ෂණය නිසා සිදු වූ විවිධ ඛේදවාචකයන් අපට නිතර ඇසෙන්නට ලැබෙන දෙයක්. වර්තමානයේ සෑම කෙනෙක්ම භාවිතා කරන ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියන් තමයි Facebook සහ Youtube කියන්නේ.මෙවැනි වෙබ් අඩවියක් හරහා තරුණයෙකුට සිදු වූ අවාසනාවන්ත පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වුණා.
ඒ තමයි Youtube අතර ජනප්‍රිය වූ තරුණ යුවළක් වන පෙරේස් නමැති වයස අවුරුදු 19 ක ගැබිනි තරුණිය හා පෙද්රෝ නමැති 22 හැවිරිදි පෙම්වතා අතර ඇති වූ අසාමාන්‍ය සිදුවීමක් පිළිබඳවයි. මොවුන් දෙදෙනා Youtube අඩවියේ ජනප්‍රිය වී ඇත්තේ විවිධාකර වූ වීඩියෝ නිර්මාණ කර පල කිරීම හේතුවෙන්.
දිනක් පෙරේස් නමැති තරුණිය විසින් ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ 911 හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදෙනවා. ඇයගේ දුරකථනයට පිළිතුරු දුන් පොලිස් නිලධාරිනියට ඇසුණේ කාන්තාවක් මහත් නොසන්සුන් ආකාරයෙන් සහ කළබල වී හඬා වැටෙමින් කෑගමින් පවසා ඇත්තේ කෙනෙකු මියගොස් ඇති බවයි.
ලැබුණු දුරකථන ඇමතුමට ක්‍රියාත්මක වුණු හදිසි ඇමතුම් අංශයේ නිළධාරින් අදාළ නිවස පැමිණ තිබෙනවා.
නිවසට පැමිණි නිළධාරීනගේ ඇස ගැටී ඇත්තේ වෙඩි පහරක් වැදී බිම වැටී සිටන තරුණයෙකුගේ සිරුරකි.
පසුව ආරක්ෂක නිළධාරීන් මේ පිළිබඳව කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ මෙම තරුණ යුවළ නව වීඩීයෝ නිරිමාණයක්
සිදු කිරීමට යාමේදී තරුණයාට වෙඩි වැදී ඇති බවයි.
මොවුනු දෙදෙනා එක්ව කර ඇති බිහිසුණු ක්රියාකාකමේ පෙරේස් කිරීමට තිබී ඇත්තේ පෙද්රෝ තමා ඉදිරියේ සිටගෙන සිටියදී ඔහුගේ පපුවට වෙඩි තැබිමයි. පෙද්රෝට කරන්නට තිබුණේ තද පිටකවරයක් සහිත විශ්ව කෝෂයක් වැනි ලොකු පොතකින් වෙඩි පහර වැළැක්වීමයි.පෙරේස් වෙඩි තබද්දී පෙද්රෝ පොත සිය පපුවට ඉදිරියෙන් අල්ලාගෙන සිටිනවා. කැමරා දෙකක් ආධාරයෙන් කරන ලද මෙම බිහිසුණු ක්‍රියාදාමය වීඩියෝ ගත කර Youtube හරහා ප්‍රචාරය කිරීම ඔවුන් දෙදෙනාගේ මූලික අරමුණ වී තිබෙනවා.