කෑගල්ල - මීපිටිය - කරඬුපන ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (20) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් 12 දෙනෙකු තුවාල ලැබූ බවයි කෑගල්ල පොලීසිය ප්‍රකාශ කළේ.
තුවාල ලැබූවන් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම රිය අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි අප කළ විමසීමකදී පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.