විද්‍යා බාලන් කියන්නේ බොලිවුඩයේ සිටින සුරූපි මෙන්ම දක්ෂ රංගන ශිල්පිණියක්. පරිනීතා චිත්‍රපටයේ දී සිය පළමු රංගනයෙන්ම හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත්වුණා.
පසුව චිත්‍රපට රාශියක එකිනෙකට වෙනස් ආකාරයේ චරිතවලට පෙනී සිටිමින් සිය රංගන හැකියාවන් පෙන්වා ප්‍රේක්ෂක ආකර්ශණය සහ ආදරයද දිනා ගත්තා.
කෙසේ වෙතත් පසුගියදා ඇයට Central Board of Film certification ආයතනයේ සාමාජිකාවක් ලෙස පත්වීමේ අවස්ථාව හිමි වෙලා තියෙන බව දැනගන්නට ලැබුණා.
රංගනයේ පුළුල් අත්දැකීම් ලබාගත් විද්‍යාට මෙවැනි සංගමයක සාමාජිකත්වය හිමි වීමෙන් සිනමා ක්ෂේත්රයේ ඉදිරි ගමනට සහයෝගයක් ලබාදීමේ වරමත් හිමිවන බව ඇය මාධ්‍යට පැවසුවේ හරිම සතුටින්.
මේ සම්බන්ධයෙන් ඇගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙවැන්නක්.
"“CBFC සංගමයට මාව සාමාජිකාවක් විදියට තෝරා ගැනීම ගැන මට ගොඩක් සතුටුයි. ඒවගේම මේ සාමාජිකත්වයත් එක්කම මගේ හැකියාවන් සමඟ මට පැවැරුණු වගකීම උපරිමයෙන් ඉටු කරන්නත් මම බලාපොරොත්තු වෙනවා."