වව්නියාව, සමයම්පුරම් ප්‍රදේශයේදී තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
26 හැවිරිදි වියේ පසුවූ මෙම තරුණයා සමයම්පුරම්, අම්මන් කෝවිල අසල පිහිටි සිය නිවස ඉදිරිපිට ඇති අඹ ගසක එල්ලී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද උදෑසන 07ට පමණ ප්‍රදේශවාසීන් විසින්, අඹ ගසේ එල්ලී සියදිවි හානිකරගත් තරුණයාගේ සිරුර දැක ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සියදිවි හානිකරගත් තරුණයා කටාර් රාජ්‍යයේ රැකියාවක නිරතව සිට මීට මාස 02කට පෙර මෙරටට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තාවන්නේ.
මෙලෙස සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ඡායාරූප පහතින්..