Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
19
පොළොන්නරුවම කම්පා කරමින් පුංචි දහම්ගෙයි මවගෙයි දිවි අහිමි කළ විදුලි සැර පහරේ නොදත් කතාව - Video

- පොළොන්නරුවම කම්පා කරමින් පුංචි දහම්ගෙයි මවගෙයි දිවි අහිමි කළ විදුලි සැර පහරේ නොදත් කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
"මගේ පුතා කෝ.. පුතා..."

පොල්ගසක් අසල දරුවා වැටී ඉඳලා..ළමයා නිල්පාට වෙලා..

මේ ලෝකේ මව් සෙනෙහසට සමකළ හැකි වෙනත් කිසිවක් නැහැ.තම කුසින් උපන් දරුවෙකුට විපතක් කරදරයක් වුණොත් වැඩිපුරම අඬන්නේ දුක්වෙන්නේ අම්මා කියලා කවුරුත් දන්නවා. ඒකට තමයි කියනනේ මවක් ළඟ තිබෙන මිළ කල නොහැකි උතුම් මව් සෙනෙස කියලා.

ඒ වගේ අපරිමිත වූ මව් සෙනෙහසක් සහ පුංචි පුතෙුකුගේ ජීවිතයකුත් අවාසනාවන්ත ලෙස මරු තුළට ගිය ශෝචනීය පුවතක් පසුගිය 16 වනදා අප වාර්තා කළා. ඒ තමයි පොළොන්නරුව - තල්පොත ප්‍රදේශයේ මවක් තම දියණියගේ උපකාරක පන්තියක තිබූ සාදයකට ඇයගේ පුංචි පුතුවත් රැගෙන ගිය අවස්ථාවක සෙල්ලම් කරමින් සිටි පුතුට විදුලි සැර පහරක් වැදීමත් සමඟ පුතුව බේරා ගැනීමට ගිය මවටද විදුලිය වැදී ජීවිතයෙන් සමුගත් අනුවේදනීය කතාව. ඒ පිළිබඳව නොදත් තොරතුරු කිහිපයක් ජාතික පුවත් පතක මෙලෙසින් වාර්තා කළ තිබුණා.

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් ලංකාපුර මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දක්‍ෂයන්ගේ හපන්කම් වෙනුවෙන් ශිෂ්‍යත්ව කඩඉම සමත් කරලීමට වෙහෙසුණු ගුරුවරයාටත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ටත් අමතර පන්ති පැවැත්වූ අවසන් දිනයේ එනම් 16දා දහවල් ආහාර වේලක් ලබා දීම සඳහා පස්වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ මවුපියන් සැලසුම් කර තිබිණි. ඒ අනුව එහි ආහාර පිසීම සඳහා තෝරාගෙන තිබුණේ පුලස්තිපුර පොලිසිය ඉදිරිපිට ඇළෙන් මෙපිට නිවෙසකි.

අංක 81/2 තල්පොත බී.ඕ.පී. 316, පොළොන්නරුව යන ලිපිනයේ නිවෙසේ ඉවුම් පිහුම් කටයුතු සඳහා මවුවරු දහයක් ‍ෙදාළහක් පමණ දෙනා පෙරවරු 9.00 පමණ වන විට එහි රැස් වූහ. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාපුර විද්‍යාලයේ ඉහළම බලාපොරොත්තුවක් තබා සිටින දක්‍ෂ ශිෂ්‍යාවක වූ අමායා සත්සරණී සමරකෝන් දැරියගේ මව වන අංක 71/1, බෞද්ධාර්ථගම, තල්පොත, බී.ඕ.පී. 316, පොළොන්නරුව ලිපිනයේ පදිංචි රාජපක්‍ෂ ගමගේ ගයානි දමයන්ති (35) ත් ඇයගේ කුඩා පුතු එස්.එම්.කේ.ජී. දහම් නෙත්සර (07) දරුවාත් සමඟ පැමිණෙන්නේ ආහාර පිසීමට උදවු කිරීම සඳහාය. සිය සැමියා වන එස්.එම්.කේ.ජී. රෝහිත සමරකෝන් (37) කුඹුරට ගිය නිසා තාමත් පළමුවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කුඩා පුතු සමඟ එහි ගිය ගයානි දුටුවේ තවත් කුඩා ළමයින් කිහිපදෙනකු එම නිවෙසේ මිදුලේ සෙල්ලම් කරන බවයි. සිය සමනල් පැටියා මිටින් මුදාහළ කුරුල්ලකු මෙන් මිදුලට පැන්නේ දන්නා හඳුනන අසල්වාසී කොලුපැටවුන් සමඟ සෙල්ලම් කිරීමටය. ගයානි දමයන්තිත් එහි පැමිණ සිටි කාන්තාවොත් එක්ව ආහාර පිසීමේ කටයුතුවලට සූදානම් වූහ. කිහිපදෙනකු එළවළු සුද්ද කරද්දි තවත් අයෙක් පොල් ගෑහ. මේ අතර තමන්ගේ දූවරුන්ගේ පුතුන්ගේ හපන්කම් ගැනත් ඔවුන් විභාගය නිසා පීඩාවට පත්ව ඇති අන්දම ගැනත් මවුවරු ‍ෙදාඩමලු වූහ.

මිදුලට පැන්න දහම් නෙත්සර පුංචි පුතා ලස්සන පියාපත් විහිදන සමනලයකු මෙන් යහළුවන් සමඟ සෙල්ලමට වැටී ඇත. විටින් විට කර උස්සා බැලූ ගයානි සිය සිඟිති පුතුගේ කෙළි කවටකම් ගැන තනියම සිනාසුණාය.

කාන්තාවෝ සියලු දෙනාම ලහි ලහියේ කෑම සූදානම් කිරීමට අවශ්‍ය කළමනා සැකසූහ. කුඩා දරුවන්ගේ සෙල්ලම් කිරීම නතර වී ඇති සෙයකි. එක් වරම කුඩා ළමයි කෑ ගැසුවත් තම පුතාගේ හඬ නෑසුණු බැව් තේරුම් ගත් ගයානි හුන් තැනින් වහා නැඟිට්ටාය. "මගේ පුතා කෝ.. පුතා..." කියා අඬ ගැහුවත් පුතුගේ හඬක් නෑසුණි.

කලබල වූ ගයානි මිදුල පුරා දකින සේ එක් බැල්මක් හෙළුවාය. එහෙත් පුතා නැත. වට පිට බලා මිදුලේ අනෙක් පස බැලූ ගයානි ක්‍ෂණයකින් ඒ දෙසට දිව ගියා. තේක්ක ගසක් යට බිම වැටී සිටි කුඩා පුතු දැක විලාප නඟමින් දිව ගිය ගයානිගේ හ¾ඩින් අනෙක් කාන්තාවෝද මිදුලට පැන කුමක් සිදුවී දැයි විපරම් කළහ. වැටී සිටි පුතු වෙත දිව ගිය ගයානි වහා පුතු ඔසවා ගැනීමට පහත් වූවාය. එසැණින් අකුණු සැරක් වදින්නාක් මෙන් ගයානිගේ සිරුර හරහා විදුලි සැරක් වැදී ඉවතට විසිවී ඇද වැටුණි. බලාගෙන සිටි කාන්තාවෝ ගයානි ගැහෙමින් බිම වැතිර සිටින අයුරු දැක බියපත් වූහ. මහ හ¾ඩින් විලාප නැඟූහ. උදව්වට කිසිවකු පැමිණියේ නැත. එකියක ගයානි සමීපයට ළං වූයේ ඇයව බේරා ගැනීම සඳහාය.
එහෙත් අෑද විදුලි සැරෙන් ඉවතට විසි කළාය.

ඒ කම්පනයත් සමඟ බියට පත් වූ මවුවරුගෙන් එකියක පුලස්තිගම සිංහපුර පොළොන්නරුව ප්‍රධාන මාර්ගය දිගේ උදවු ඉල්ලා කෑ ගසමින් දිව ගියාය. එහෙත් පාරේ කිසිවකු නැත. සුළු මොහොතකින් පුලස්තිපුර පොලිසියේ නිලධාරීහු එහි දිව ආහ. ගමේ කිහිප දෙනෙක් ද දිව ආහ. පුලස්තිපුර පොලිසියේ පොලිස් කාන්තාවක විසින් විදුලි සැර වැදී බිම වැටී සිටි ස්ථානය පිරික්සා පොල්පිත්තක් ගෙන කම්බියට ගැසුවාය. ඉන් පසු පුලස්තිපුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විපුල බණ්ඩාර මහතා කුඩා දරුවාට ළං විය. ඔහුගේ සිරුර නිල් පැහැ ගැන්වෙමින් තිබිණ. දෑතට ඔසවා ගත් සමනල් පැටියාගේ සිරුර සමඟ ඔහු පොලිසියට අයත් තුන් රෝද රථයකට ගොඩ විය. කුඩා දරුවාගේ මව වන ගයානි දමයන්ති ද පොලිස් කාන්තාවන් හා ගැහැනු එක්ව තුන් රෝද රියට නැංවූහ.

එම රථයෙන් කුඩා දරුවාත් මවත් රෝහලට පිටත් කර හැරි ස්ථානාධිපතිවරයා සිද්ධිය වූ ස්ථානය වටා ආරක්‍ෂාව තහවුරු කරන ලෙස උපදෙස් දී වහාම විදුලි බල මණ්ඩලය කැඳෙව්වේය. එහි නිලධාරීන් සමඟ පරීක්‍ෂණ කටයුතු ඇරඹි ඔහුට පෙනුණේ නිවෙසේ වහලය දෙසට නැමී තිබුණු පොල් ගසක් ඇද බඳින ලද කම්බියක කෙළවර කුඩා දරුවා වැටී සිටි තේක්ක ගසේ පහළම ගැට ගසා තිබෙන අයුරුත් එම කම්බිය නිවෙසට විදුලිය සපයන ප්‍රධාන සැපයුම් වයරයේ එක් ස්ථානයක ඇතිල්ලෙමින් තිබෙන බවත්ය. වහා පරීක්‍ෂා කළ ඔවුන්ට පසක් වූයේ කාලයක් තිස්සේ විදුලිය ගමන් කරන වයරය අර පොල් ගස ඇද බැඳ දමා තිබූ කම්බියේ ඇතිල්ලීමෙන් එහි එක් ස්ථානයක් පලුදු වී විදුලි කාන්දුවක් සිදුවන බවයි.

'අපි මේ ගැන මූලික විමර්ශනයක් සිදු කළා. එතකොට දැක්කේ මේ නිවසට විදුලිය සපයන කළු පාට කේබලයත් නිවෙසේ වහලය දෙසට බර වී තිබුණු පොල් ගසක් ඇද බැඳ දමා තිබූ කම්බියකුත් එක් තැනකින් එකිනෙක ස්පර්ශ වෙනවා. කාලයක් තිස්සේ මේක ඇතිල්ලිලා එම විදුලි කේබලය පලුදු වෙලා. පොල් ගහ ඇදලා බැඳ තිබුණු කම්බිය අනෙක් පැත්තෙන් ගැට ගහලා තිබුණේ තේක්ක ගහක පහළ. මේ ගෙදර අය මේ කම්බියේ රෙදි වනනවා. එල්ලි එල්ලී ඉන්නවා. ඒත් මේ කම්බියත් අර විදුලි කේබලයත් ඇතිල්ලීමෙන් ඒ විදුලි කේබලය පලුදු වෙලා තිබුණා. හැබැයි නිතරම විදුලිය එන්නේ නෑ. ඉතාම සුළුවෙන් තමයි පලුදු වෙලා තිබුණේ. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ගෙනත් පරීක්‍ෂා කළා. ටෙස්ටරය සමහර වෙලාවකට පත්තු වෙනවා. ඒ කියන්නේ හුළඟ එක්ක ඒ පලුදු වෙච්ච තැන ස්පර්ශ වෙනවා. එවැනි මොහොතක තමයි මේ සෙල්ලම් කරමින් හිටිය කුඩා දරුවාට විදුලි සැර වැදිලා තියෙන්නේ.'

විපුල බණ්ඩාර මහතා කියන්නේය. පොල්ගස වහලයට නොවැටී බේරා ගැනීමට ඇද තිබූ කම්බිය දිගේ ගයානිගේත් ඇයගේ සිඟිති පුතාගේත් මාරයා පැමිණ සිටියේය. මේ අනතුර ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ස්ථානාධිපතිවරයා කියන්නේ, එම නිවෙසේ වෙසෙන කුඩා ළමයිනුත් ගෙහිමියනුත් රෙදි වැනීම පවා කරන බවත් ඇතැම් අවස්ථාවල කුඩා ළමයින් මේ කම්බියේ එල්ලෙමින් සෙල්ලම් කරන බවත්ය. එහෙත් කිසිවකු මේ කම්බිය එක් ස්ථානයකින් නිවෙසට ප්‍රධාන විදුලිය සැපයෙන කේබලයේ වදින බව දැන සිටියේ නැත.

ගයානිගේ සැමියා වන රෝහිතට මේ සිද්ධිය හීනයක් සේය. අක්කයි මල්ලියි ගෙදර මිදුල පුරා දුව පනිමින් සෙල්ලම් කළ සැටිත් සිය ආදරණීය බිරිය දරුවන් තුරුලු කරගෙන පොත පතේ වැඩවලට උදවු කළ සැටිත් ඔහුගේ මතකයට නැඟෙන්නේය. කිසිවකු සමඟ කතාබහ කිරීමටවත් දැන් ඔහුට ශක්තිය නැතුවා සේය. සිදුවූ දෙය පිළිබඳව තවමත් ඔහු තුෂ්ණීම්භූතව බලා සිටින්නේය. මෙවර කෙසේ හෝ මවගේ හීන පොදිය හැබෑ කර දෙන බවට මවට පොරොන්දු වී සිටි අමායා කිසිත් අදහා ගත නොහැකිව බලා හුන්නාය. මල්ලිගේ කෙළි කවටකම් මැද ගේ පුරාම දුව පැන්න ඇයට ඒ සමනල් පැටියා ආයෙ නොඑන බව වැටහෙන්නේ යාන්තමිනි.

මේ ලියන මොහොත වන විටත් ඇයට මෙවර ශිෂ්‍යත්ව විභාගයට වාඩි වී පිළිතුරු ලිවිය හැකි දැයි අනපේක්‍ෂිතය. දැන් අමායාගේත් සිය පියාගේත් ජීවිතය අනපේක්‍ෂිත ලෙස වෙනසකට බඳුන් වී ඇත්තේය. පියාට තම මියගිය බිරිය හා කුඩා පුතු වෙනුවෙන් ආදරණීය දියණියගේ සිත අස්වසා ඇය වෙනුවෙන් දිරියෙන් නැඟී සිටින්නට මුළු සමාජයම දිරි දිය යුතුය.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top