Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
19
"කුමාරිගෙයි ජැක්සන්ගෙයි ආදරේට ගෙදරින් විරුද්ධ වෙද්දී ඒ ආදරේම විවාහ කරගත් හැටි කුමාරි හෙළි කරයි.."

- "කුමාරිගෙයි ජැක්සන්ගෙයි ආදරේට ගෙදරින් විරුද්ධ වෙද්දී ඒ ආදරේම විවාහ කරගත් හැටි කුමාරි හෙළි කරයි.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
"මම කසාද බඳිනකන් උයන්න දැනගෙන හිටියේ නෑ.."

"හරි ලස්සන හැඟීමකින් කිව්වා.."

ජැක්සන් ඇන්තනි හා කුමාරි මුණසිංහ කියන්නේ කලාවට රංගනයෙන් බොහෝ කැපකිරීම් කළ රංගන ශිල්පින්  ආදරේ මුණගැහෙන්නේ පාසලෙන්. ඒ ආදරණිය මිනිසාව මුණ ගැසුණු හැටි කුමාරි පුවත්පතකට මේ විදිහට කතා කරලා තිබුණා.

කුමාරිටයි ජැක්සන්ටයි තියෙන්නේ ගමේ ආදරණීය ආදර කතාවක්නේ.... ඕක පාසැල් ප්‍රේමයක්ද...?
ජැක්සන්ව මට මුලින්ම මුණගැහුනේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේදී. මම සාමාන්‍ය පෙළ ඉඳන්ම ඉගෙනගත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ. හැබැයි උසස් පෙළ පන්තිවලදී තමයි ජැක්සන් අපේ ඉස්කෝලෙට ආවේ. හැම මාසෙකම අන්තිම සිකුරාදා සමිතිය තියෙනවා. ඉතින් ජැක්සන් ආපු දවස්වල තිබුණු ඒ සමිතියේදී ජැක්සන් පියාණෙනී මා නැවත උපන්නොත් කියන සින්දුව කිව්වා. ඒක හරි ලස්සන හරි හැඟීමකින් කිව්වා. එතකොට හැම ළමයෙක්ටම ජැක්සන් ගැන විශේෂත්වයක් දැනුණා. හැබැයි මම ජැක්සන් එක්ක කතා කළේ නැ. පොඩි ආඩම්බරයක් මගේ තිබ්බා. හැබැයි මගේ යාළුවෝ දෙන්නා කතා කළා. හැබැයි අපි පාසැලේදී නම් ප්‍රේම කළේ නෑ.

එතකොට ජැක්සන් කුමාරිගේ බටනලා සද්දය දිගේ ආපු කතාව මොකක්ද?
ඒ කාලේදී අලුතින් ඉස්කෝලෙට ආව ගමන් රැග් එක දෙනවා. එයාව ගණන් ගත්තේ නෑ. කවුරුත් කතා කරන්නේ නෑ. ඉතින් ජැක්සනුත් හරිම පාළුවෙන් රැග් එකෙන් හෙම්බත් වෙලා ඉඳිද්දී විද්‍යාල භූමියේ ඇවිදගෙන යද්දි බටනලා හඬක් ඇහිලා ඒ හඬ දිගේ බලන්න ආවා. ඒ වෙලාවේ සංගීත කාමරේ සුදු ගවුමත් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් ගොතලා ඒ බටනලාව වාදනය කළේ මමයි. ඉතින් එදා අපි කතා කළා. ඊට පස්සේ අපි හොඳ යාළුවෝ වුණා.

ඒ යාළුකමටද ජැක්සන්ට ජැකා කිව්වෙත්....
ඔව්.... ඒ යාළුකම කොච්චරද කියනවා නම් ජැකා, මචං, උඹ, වරෙන්, පලයන් කියලා තමයි අපි කතා කළේ. ඒ තරමටම අපි හොඳ යාළුවෝ වුණා. ඒ කතාබහේදී අපි ප්‍රශ්න ගැන අපි ගැන අපි කතා කරද්දී කතාකරද්දී අපි ආදරේත් කළා. එතකොට අපි ඉස්කෝලෙන් අවුට් වෙලා. කොහොමත් ජැක්සන්ගෙයි මගෙයි යාළුකමට හරියට දිනයක් නෑ. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ අපි දෙන්නා වේදිකා නට්‍යවලට සම්බන්ධ වුණා. ඒ නාට්‍ය මැදදී තමයි මෙහෙම සම්බන්ධයක් ඇතිවුණේ.

ඔය දෙන්නගේ සම්බන්ධයට ගෙදරින් අකමැති වුණා නේද?
අම්මෝ ඔව්... ගෙවල් දෙකෙන්ම අපේ සම්බන්ධයට අකමැති වුණා.... ජැක්සන් කතෝලික පරිසරයක හැදුණු කෙනෙක්. මම බෞද්ධ පරිසරයක හැදුණු කෙනෙක්. ඒ නිසා ගෙවල් දෙකෙන්ම මුලදී තදින්ම විරුද්ධ වුණා. හැබැයි අම්මා තමයි මගේ තනියට නාට්‍යවලට යන්න එන්නේ. ඉතින් ජැක්සන්ව දිගින් දිගටම කතාබහ කරද්දී ඇසුරු කරද්දී අම්මා ජැක්සන්ට කැමති වුණා. කොහොම හරි මගේ අප්පච්චිත් කලක් යද්දි ජැක්සන්ට කැමති වුණා. ජැක්සන්ගේ ගෙදරින් අකමැති වුණාට ජැක්සන්ගේ යාළුවෙක් විදිහට ඉන්න කාලේදීත් ඒ පවුලේ අය මට හරි ආදරෙයි. මම ඒ කාලේ නිතර ඒ ගෙදර යනවා. ඒ නිසා ඒ අය අන්තිමට කැමති වුණා. කොහොම හරි ගෙවල් දෙකේම කැමැත්තෙන් 1983දී අපි විවාහ වුණා.

විවාහ වෙලා ජැක්සනුයි, කුමාරියි කොහේද පදිංචි වුණේ?
විවාහවෙලා අපි දවස් දෙකක් ජැක්සන්ගේ මහගෙදර නතර වුණා. ඊට පස්සේ ජැක්සන්ගේ මහගෙදරට උඩහ තිබුණ පුංචි ගෙදර අපි දෙන්නා පදිංචි වුණා. ඒකේ තිබුණු අපහසුකම් ගැන කියලා වැඩක් නෑ. වහිනකොට ගේම තෙමෙනවා. එතකොට භාජන තියනවා. සමහර තැන්වල පුටුව උඩට හරි ඇඳ උඩට හරි නැගලා අර එක්ස්රේ බෝඩ් ගහනවා. චූටි චූටි වළං පොඩි අරගෙන හරියට සෙල්ලම් ගෙවල්වල උයනවා වගේ කෑම උයනවා. ඉස්සර මම කසාද බඳිනකන් උයන්න දැනගෙන හිටියේ නෑ. ඉතින් මුල් දවස්වල බත බෙරිවෙනවා. එහෙම නැත්නම් බත රොස් වෙනවා. හොද්දක් හදලා හොද්දේ බාගයක් ඉවර වෙනකන් ළිපේ තියලා හොද්දේ ලුණු සැරෙන් සැරේට බලනවා. ඒ තරමටම ලුණු දාන්න බයයි. අද වෙනකොට මට තනියම මඟුල් ගෙදරක උයන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මම කොහාම හැදුවත් ජැක්සන් ඒවා හරි රසයි කියලා කෑවා. මට මුකුත් කිව්වේ නෑ.

ආසාවෙන් හිටියේ දුවෙක්ටද? පුතෙක්ටද?
මුල ඉඳන්ම අපි දෙන්නම ආසාවෙන් හිටියේ දුවෙක්ට තමයි. දරැවා පිළිසිඳ ගන්නත් කලින් අපි දෙන්නා දුවට වත්සලා කියල නම දාලයි තිබුණේ. ජැක්සන් ඉස්සර මේ කොයි යන්නේ* කියලා වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒකේ රෑමත් අන්ධ ගැහැනු ළමයාගේ චරිතයට හිටියේ මම. ඒ චරිතය තමයි වත්සලා* ඊට පස්සේ ජැක්සන් කිව්වා අපි කවදාහරි අපේ දුවට වත්සලා කියලා නම දාමු කියලා. කොහොම හරි ව අකුර දුවට ආවා. ඉතින් අපි මාධවී වත්සලා කියන නම දුවට තිබ්බා.

දුව ඉපදෙද්දි ජැක්සන් හිටියේ වේදිකාවේ කියන්නේ ඇත්තද...?
ඔව්.... දුව ඉපදෙද්දී ජැක්සන් හිටියේ වේදිකාවේ. මගේ මල්ලී එතකොට හිටියේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහටයි. දුව ලැබෙද්දී මට ගොඩාක් අමාරු වුණා... විළිරුදාව හැදිලා දවස් හතරක් දුක් විඳලා තමයි දුව ඉපදුනේ. දුවයි මායි දෙන්නම මැරෙන්න තරම් ප්‍රවණතාවයක් ඒ කාලේ තිබුණා... ඒ වෙලාවේ මගේ මල්ලී එහාට මෙහාට දුවලා බත් කකා හිටපු දොස්තරගේ අත හෝදලා ගෙනල්ලා ලේබර් රූම් එකට දැම්මා. එයා ඉපදුනේ සොයිසා කාන්තා රෝහලේ.

ඉපදෙද්දී මාධවී මොන වගේද...?
එයා ගොඩක් චූටියි. හරියට චූටි කුරුලු පැටියෙක් වගෙයි. එයා වැටෙයි කියලා අතට ගන්න බයයි. අතපය හරි චූටියි. දුව ඉපදුණාම අපේ අම්මා ඇවිත් හැමදෙයක්ම මට කියලා දුන්නා. මාධවී පුතාලා දෙන්නටම වඩා හරි දඟයි. මොකක් හරි එපා කිව්වොත් ඒක කරලමයි පස්ස බලන්නේ. කටකාරයි. පුංචි කාලේත් එයා ඇහෙන ඇහෙන සින්දු කෑලි කියනවා. මට මතකයි එයා චූටි කාලේ කීර්ති පැස්කුවල්ගේ සින්දුවක් හදලා ‍සඳහා පායලා... මම පවුලේන් ඉඳලා මළා කියල කියනවා. එයා හරිම හරි හුරතල් දරුවෙක්.

තරුණ වයසේදී ගැහැනු ළමයෙක්ට ඇතිවන සිතුම් පැතුම් ප්‍රශ්න දුව කුමාරි එක්ක කතා කළාද...?
මුලින් කියන්නේ නෑ. හැබැයි පස්සේ මට කියනවා. කොහොමටත් දරුවන් තුන්දෙනාම අපි දෙන්නට හරිම එකතුයි. මාධවී අද වෙද්දී වෙනත් පැතිවලින් එයාගේ හැකියාව පෙන්නුම් කරලා තියෙනවා. අද මටයි ජැක්සන්ටයි දුව ගැන හරි සතුටුයි. මාධවී හරි රසට කෑම හදනවා. මාධවී අපි හැමෝටම හරි ආදරණීය දරුවෙක්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top