Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
19
"අපි අවුරුදු දහයක් විතර Living together හිටියේ. ඒකට බොහෝ අය කතා හැදුවා.." අමීෂා කාවින්දි

- "අපි අවුරුදු දහයක් විතර Living together හිටියේ. ඒකට බොහෝ අය කතා හැදුවා.." අමීෂා කාවින්දිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
"අපිට දරුවො ඉන්නත් පුළුවන් නැතිෙවන්නත් පුළුවන්.."

"බොහෝ දෙනෙක් හිතුවා මම සිස්ටර් කෙනෙක් වෙයි කියලා.."

"ජයන්ත චන්ද්‍රසිරි කතාකරද්දි මට මාර බයක් දැනුණා.."

අමිෂා කාවින්දි සිනමාව නිසාම ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගත් නිලියක් බවට පත් වෙනවා. රිදී තීරයේදී පෙම්වතුන් වුණු අමිෂා හා අර්ජුන කමලනාත් සැබෑ ජිවිතයේදී බිරිදයි සැමියයි. මේ දෙන්නා වර්ෂ ගණනාවක්  විවාහ නොවී එකට ජිවත් වුණා. Living together සංකල්පයට. ඒ නිසා මේ අයට එක එක කතා හැදුනා. කොහොම නමුත් මේ දෙන්නා ආදරයෙන් ජිවත් වෙනවා. අමිෂා ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා.

අමීෂා... අපි මේ කතාබහ ඔයාගේ පවුලේ අයගෙන් හා ළමා කාලයෙන් පටන් ගමු... එහෙම හොඳයි නේද...?

ඔව්... ඒක හොඳයි. මම උපන් ගම මාතර. ඒ කියන්නේ මගේ අම්මගේ ගම මාතර දික්වැල්ලේ. ඉතින් මම ඉපදුෙණ් මාතර. ඒ ඉපදිලා මාස දෙකෙන් විතර එහේ ඉඳලා මගේ තාත්තාගේ ගම වුණු ජා ඇලට අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා ඊට පස්සේ මම හැඳුණේ වැඩුනේ ජා ඇල තාත්තාගේ ගමේ.

මොන පාසැලේද අමීෂා ඉගෙන ගත්තේ?

මේරි මැරිකියුලට් කොන්වන්ට් එකෙන් තමයි මම ඉගෙනගත්තේ. මට අක්කා කෙනෙක් විතරයි ඉන්නේ. අම්මයි, තාත්තායි, මමයි, අක්කයි තමයි පොඩි කාලේ ඉඳන් අපේ පුංචි පවුල වුණේ. අම්මා පත්මිණි පෙරේරා. තාත්තා මර්වින් පෙරේරා. අක්කා ගයනිකා ගීතංජලී පෙරේරා.

පුංචි කාලේ අමීෂා මොනවගේ චරිතයක්ද...?

මම රෝමානු කතෝලික. ඉතින් පුංචි කාලේ ඉඳන් මම ආගමට හරි ළැදි කෙනෙක්. මම කොන්වන්ට් එකට තමයි ගියේ. ඒකෙත් ආගමික පසුබිමක් තිබුණා. අපේ ගේ තියෙන්නෙත් පල්ලිය ඉස්සරහමයි. ඉතින් හැමදාම මම පල්ලි යනවා. ගොඩක් දෙනෙක් හිතුවේ මම සිස්ටර් කෙනෙක් වෙයි කියලයි. මම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. පල්ලියේ දහම් පාසැලට ගියා. අපේ ගෙදරත් ආගමික පසුබිමක් තමයි තිබුණේ.

පුංචි කාලේ කවුරු වෙන්ද හීන දැක්කේ?

බොහෝ දෙනෙක් මම සිස්ටර් කෙනෙක් වෙයි කියලා හිතුවට මගේ එහෙම හීනයක් තිබුණේ නෑ. පුංචිම කාලේ මම හරිම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්නයි. අපේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් හිටියා ගුවන් සේවිකාවක් වුණු. ඉතින්... එයා හරි ලස්සනට යද්දි මටත් ආස හිතුණා. ඉස්කෝලෙදි මම නර්තනයට ගොඩක් දක්ෂ වෙලා හිටියා. මොකක් හරි ප්‍රසංගයක් තිබුණොත් මම අනිවාර්යෙන්ම ඒකට සහභාගී වෙනවා. ඒ නිසා නර්තනයත් එක්ක මම ගොඩක් වෙලාවට හිතාගෙන හිටියේ නර්තන ගුරුවරියක් වෙනවා කියලයි.

ඒ වුණාට නැටුම් කණ්ඩායම් කිහිපයකම සාමාජිකාවක් වෙලා හිටියා නේද...?

ඔව්... මම නර්තන කණ්ඩායම් දෙකකම හිටියා. මම A/L කරන්නත් කලින් චිත්‍රපටවල පසුබිම් නර්තන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න කීපවතාවකදිම අවස්ථාව ලැබුණා. කොන්වන්ට් එකක් නිසා අපේ සිස්ටර් ඒවාට කැමති නෑ. ඉතින් ඒවාගේ ප්‍රසංගවලට ගිහිං සිස්ටර්ට අහුවෙලා කීපවතාවක්ම දඬුවම් නම් ලබලා තියෙනවා.

අමීෂා කාලයක් කැරෝකේ සී.ඩී. වලටත් නර්තනය කළා නේද?

ඔව්... ඒක ඇත්ත. ඒ කාලේදී මට ජෝතිපාල මහත්මයාගේ “ලස්සනයි බලන්න ගීතයට නර්තනය කරන්න අවස්ථාව ලැබුනේ. ඒක දැකලා මට නිශාන්ත ගුණසිංහ ෆිල්ම් එකක ප්‍රධාන චරිතයකට ආරාධනාවක් ලැබුණා. ඊට කලින් මට අනූෂා දමයන්ති, නිලන්ති ඩයස් වගේ නිළියන් පිටුපස නර්තනය කරලා තිබුණා. ඒ නිසාම නිළියක් වෙන ආශාවත් මට තිබුණා. ඉතින් “සඳ දෙව්දෝණි චිත්‍රපටයට ආරාධනා ලැබුණම මම එකපාරටම කැමති වුණා. ඒකේ අර්ජුන් කමලනාත් අයියයි රොෂාන් පිලපිටියයි ප්‍රධාන චරිත රඟපාන්න හිටියා. කොහොම හරි ඒ ෆිල්ම් එක DVD තැටියක් විදිහට තමයි ප්‍රදර්ශනය වුණේ. ඊට පස්සේ මට “සුදු හංසි කියන චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒ විදිහට තමයි මම නිළියක් වුණේ.

ඝරසර්ප චිත්‍රපටයටත් අමීෂා සම්බන්ධ වුණා...?

ඔව්... මේ දවස්වල මම සම්බන්ධ වුණේ ඝරසර්ප චිත්‍රපටය ජයන්ත චන්ද්‍රසිරි තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නේ. ඇත්තටම මුලින්ම ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මට කතා කරද්දි ඇත්තටම මට බය හිතුණා. ජයන්ත චන්දුසිරි කියන්නේ රටේ ප්‍රසිද්ධම අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් කොහොමහරි අවසානයේදී මාව ඒ චරිතයට ජයන්ත අයියා තෝරගත්තා. ඕනෑම අයෙකුගේ හීනයක් තමයි ජයන්ත අයියගේ ෆිල්ම් එකක රඟපාන්න. ඉතින් මගේ ඒ හීනය හැබෑ වුණා. ලබන අවුරුද්දේ ඒ ..... චිත්‍රපටය දැකබලා ගන්නට පුළුවන් වේවි.

චිත්‍රපට හතරක් විතර ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවනේ. ඇයි අමීෂා සිනමාවට මේ තරම් කැමති. පුංචි තිරයට කැමැත්තක් නැද්ද...?

ටෙලිනාට්‍ය කීපයකට මම සම්බන්ධ වුණා. හැබැයි දැන් මෙගා නාට්‍ය නිසා මම සමබන්ධ වෙනව හරිම අඩුයි. කොටස් පනහක වගේ එකකටනම් මම හරිම ආසාවෙන් සම්බන්ධ වෙනවා. “සඳමලී කියන ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒක අධ්‍යක්ෂණය කළෙත් අර්ජුන් අයියා. ඒකත් ඉක්මණටම දැකබලා ගන්න පුළුවන් වේවි. තව අලුත් නිර්මාණයකටත් ආරාධනා ලැබිලයි තියෙන්නේ. ප්‍රභාත් රෝෂන් අයියගෙයි, නිලන්ති අක්කගෙයි. ඒකත් ඉදිරියේදී රූගතකිරීම් පටන් ගන්නවා.

ජීවිතේ එක්තරා කාලයක මුණගැහුණු අර්ජුන් කමලනාත් අමීෂාගේ ජීවිතයම වෙනස් කළා නේද...?

ඔව්... මම පසුබිම් නර්තන ශිල්පිනියක් කරන මුල් කාලේදීත් අර්ජුන අයියාව මුණගැහිලා තියෙනවා. ඒ හමුවීම බොහෝම සාමාන්‍යයි. ප්‍රධාන චරිත කරන අයට අපි ගොඩක් ගරු කරනවා. ඒ අය එක්ක කතාබහ කරන්නත් එහෙම හරි ආසයිනේ. ඉතින් මම ප්‍රධාන චරිතය රඟපාපු “සඳ දෙව්දෝණි චිත්‍රපටයේත් අර්ජුන අයියා හිටියා. එදායින් පස්සේ අපි හිතවත් වුණා. අන්තිමට ඒ හිතවත්කම ආදරයක් වුණා.

අර්ජුන අමීෂාට යෝජනාවක් ගෙනාවම මොකද හිතුනේ?

ඇත්තටම එහෙම අර්ජුන අයියා මට ආදරෙයි කියලා කිව්වෙත් නෑ. ගොඩක් අපේ වටේපිටේ ඉන්න අය තමයි අපිට විහිළු කළේ. මම ෂූටිං ගියේ මගේ අම්මා එක්ක. ඉතින් බත් කද්දි අම්මා තමයි මට කවන්නේ. ඉතින් ඔය අතරේදී අයියත් මට බත් කවනවා. ඉතින් මුලින් අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි අතර තියෙන බැඳීම අපිට තිබ්බේ. මම තාමත් එයාට කියන්නේ අයියා කියලා. ඉතින් අපිට අපි දකින්න බැරිව, ෂූටිං ඉවරවෙලත් ආයේ කතා කරනවා. ඉතින් දවසක් අයියා මට කිව්වා “මම ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නේ කියලා. මම ඉතින් ඒ දේ එයා කියනකන්ම තමයි බලාගෙන හිටියේ.

දැන් ඔය ආදරේට කොච්චර කල්ද?

අපි ආදරේ කරන්න පටන් ගත්තේ 2006 ඉඳන්. ඒ කියන්නේ දැන් අපේ ආදරේට අවුරුදු එකොළහක්.

ඔය අවුරුදු එකොලහ ඇතුළත පුංචි පුංචි හිත් රිදීම් නෝක්කාඩුකම් නොතිබුණාම නෙමෙයිනේ...?

අපෝ ඔව්... ඒ වගේ දේවල් ගොඩක් තිබුණා. මම හිතන්නේ ඒ මට ජීවිතේ තියන අත්දැකීම් අඩුකමක් එක්ක වෙන්න ඇති. එයත් කාර්යබහුලයි. මමත් ටික ටික කාර්යබහුල වුණා. ඒ දේවලුත් එක්ක පුංචි පුංචි හිත්රිදීම් ඇතිවුණා... හැබැයි ඒ දේවල්වලින් අපි තවත් ළංවුණා. මම හිතනවා හැමෝටම ජීවිතවල මේ පුංචි හිත්රදීම් කියන දේ තියනවා. ඒ දේවලුත් එක්ක අපිට ජීවිතේ අත්දැකීම් ලබලා තමයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.

වැඩියෙන්ම ඔය දෙන්නගෙන් කේන්ති යන්නේ කාටද...?

අයියට තමයි ඉස්සරනම් කේන්ති ගියේ. දැන් එයාට අඩුයි. දැන් මට චුට්ටක් කේන්ති යනවා. හැබැයි ඒ කේන්තිය චූටි වෙලාවයි.
ලොකුවට මඟුලක් කනවට වඩා ගේ හදාෙගන වාහනයක් ගන්න එක හොඳයි හිතුණා

කාටවත් නොකියම ඔය දෙන්නා විවාහ වුණා?

ඔව්... 2014 දී තමයි අපි දෙන්නා විවාහ වුණේ. ඒක බොහෝම නිහඬ විවාහයක්. ඒකට සහභාගී වුණේ මගේ අම්මයි, තාත්තයි අර්ජුන අයියාගේ පවුලේ අය විතරයි.

ඒත්... කාලයක් තිස්සේ අමීෂයි අර්ජුනයි Living together ජීවිතයක් ගත කළා.

ඔව්... ඒක ඇත්ත. අපි අවුරුදු දහයක් විතර එක ගෙදර අපි දෙන්නා තනියම ජීවත් වුණා. ඒ ජීවිතයත් එක්ක අපි දෙන්නගේ විවාහය කරන්න ඕනෙ කියලා අපිට හිතුනේ නෑ. බොහෝ දෙනා අපි Living together ඉඳිද්දි ඒකට අකමැති වුණා. ඒත් අපි දෙන්නගේ එකම ඉලක්කය වුණේ ගේ හදාගෙන එයාට හොඳ වාහනයක් අරගෙන අපේම නිෂ්පාදන කටයුතු කරගෙන හොඳ ජීවිතයක් ගතකරන්නයි. ඒ වෙනුවෙන් අපි දෙන්නම ගොඩක් මහන්සි වුණා. මට පෝරුවෙ නැගලා මනමාලියක් වෙන හීනයක් තිබුෙණ් නෑ. ඒ නිසා විවාහය වෙනුවෙන් ඉතිරි කරගත්තු හැම මුදලක්ම අපි ඉදිරි කටයුතු සඳහාත් වැය කළා.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?

අර්ජුන අයියා කළ “කුසල් චිත්‍රපටය ළඟදීම තිරගත වේවි. අපි දෙන්නට “කුල්නෙත් මීඩියා කියලා ස්ටුඩියෝ  එකක් තියෙනවා. ඒකෙන් ෆිල්ම් එකක හැම දෙයක්ම ඒ ස්ටුඩියෝ එකෙන් කරන්න පුළුවන්. ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න කටයුතු කරනවා.

අවුරුදු එකොලහක් ඉවරයි. ඔය දෙන්නා අතරට තව පොඩි දරුවෙකුත් එන හීනය දකින්නේ කවදාද...?

තාම එහෙම බලාපොරොත්තුවක් නෑ. මේ හැම දෙයක්ම කළේ හිතලා ප්ලෑන් කරලා නෙමේ. ඉතින් ඒ දේවලුත් වෙලාවට වෙයි. සමහරවිට නොවෙන්නත් පුළුවන්. ඒක මම තාම දන්නේ නෑ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top