ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා විවේකාගාරය තුලදී බිස්කට් වර්ග ආහාරයට ගැනීම නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ නියම කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබීම පිළිබඳ යම් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ භෞත චිකිත්සක ප්‍රධානියා සහ ක්‍රීඩකයන්ගේ ආහාර ප්‍රධානියා නැතහොත් අභ්‍යාසයක එක්ව මෙම තීරණය ගෙන ඒ බව අහාර සපයන ආයතන වෙත දැනුම් දී ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ හිරු වෙත කියා සිටියා.
අදාල තීරණය සම්බන්ධයෙන් විවිධ විදෙස් මාධ්‍ය වාර්තා පලවූ අතර එහි සඳහන්ව ඇත්තේ මෙම තීරණයත් සමඟ ක්‍රීඩකයන් සහ කළමනාකරු අතර ගැටුමක් ඇතිවී තිබෙන බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එවැනි ගැටුමක් සිදුනොවුණු බවයි.
ක්‍රීඩකයන්ගේ අහාර ගැන තීරණය කිරීමට කළමනාකරුට බලයක් නොමැති බවද ඔහු සඳහන් කළා.
එම තීරණ ගන්නේ භෞත චිකිත්සක ප්‍රධානියා සහ ක්‍රීඩකයන්ගේ ආහාර ප්‍රධානියා බවයි අසංක ගුරුසිංහ පැවසුවේ.