බ්‍රිතාන්‍යයේ මෝටර් රථ මිල සීඝ්‍රයෙන් පහලයාමට ප්‍රධාන හේතුවක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුලින් හෙළිවී තිබෙනවා.
මෙලෙස වක්‍රාකාරව මෝටර් රථ මිල බොහෝ සෙයින් පහලයාමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ වාහන අලුතින් මිලදී ගැනීමට ඇති ඉල්ලුම අඩුවීමයි.
එරට වාහන නිෂ්පාදන කරුවන් පෙන්වා දෙන්නේ ඉල්ලුම අඩුවීමට හේතුව මෝටර් රථ බද්දට ලබාගැනීමට මිනිසුන් පෙළඹීම බවයි.
දීර්ඝකාලීනව ඉතා අඩුමිලට බ්‍රිතාන්‍ය තුළදී වාහන බද්දට සපයන ආයතන මෙම තත්වයට වගකිවයුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව පසුගිය මාස කිහිපය තුළදී බ්‍රිතාන්‍යයේ අලුතින් වාහන නිෂ්පාදනය කිරීම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙය සෑම වසරකම සිදුවන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 16 ක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙලෙස නව මෝටර් රථ මිලදී ගැනීමට ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ වනවිට එංගලන්තය පුරා මෙලෙස කුලියට සහ බද්දට ආයතන රාශියක් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
ඒ මගින් පවුම් විසිදහසක උපරිම මුදලකට මෝටර් රථ කුලියට ලබාගත හැකි බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙමගින් ඉදිරියේදී ජාත්‍යන්තර වෙළඳපොළ තුලද බ්‍රිතාන්‍ය මෝටර් රථ වලට බලපෑමක් ඇතිවිය හැකි බවයි.