අයිශ් අතුකෝරාළ කියන්නේ නිරූපණ ශිල්පිණියක්. නමුත් ඇය රංගනයෙනුත් දැන් දකින්න ලැබෙනවා. පැණි මකුළුවෝ චිත්‍රපටය නිසා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු අයිශ් සිනමා කෘති වල පමණක් නෙමෙයි රංගනයට තිඹිරිගෙය වුණු වේදිකා නාට්‍යනුත් දකින්න ලැබෙනවා. විවිධ විලාසිතා එක්ක මනබදින අයිශ් එක්ක ඒ නිසා හිරු ගොසිප් කතා කරන්න හිතුනා. මේ හිරු ගොසිප් එක්ක අයිශ් කළ කතා බහයි.
අයිශ් අතුකෝරාළ කියන චරිතය වඩාත් කතා බහට ලක් වෙන්නේ පැණි මකුළුවෝ ඔස්සේ. කොහොමද මේ දවස්වල ඔබට ලැබෙන ප්‍රතිචාර..?
මේ චරිතයට මට අවස්ථාව ලැබෙන්නේ මාත් එක්ක නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න දිනෙත් සිල්වා නිසයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගෙන තිබුණේ ඉන්දීය නිළියක්. නමුත් පසුව මොකක් හෝ හේතුවක් නිසා මාව ප්‍රධාන චරිතයට තෝරා ගත්තා. ඒ අවස්ථාව නිසා සිනමාව ඔස්සේ මාව බොහෝ දෙනා අදුරගන්න පටන් ගත්තා ආදරේ කරන්න පටන් ගත්තා කිව්වොත් හරි. අදටත් ප්‍රතිචාර තියෙනවා.
එහි ඔබ අඩනිරුවත් වුණා කියලා බොහෝ අය හිතුවේ..?
ඔව්. මගේ පෙම්වතා අවස්ථාවකදී කියනවා ඔය ටවල් එක පහත් කරන්න කියලා. නමුත් පිට පෙනෙන විදිහට විතරයි ටවල් එක පහත් කරන්නේ. හිතන්නේ මම නිරුවත් වුණා කියලා. ඒ දර්ශනය ඊට අවශ්‍ය නිසාමයි කළේ. බොහෝ අය එහෙම නොකළ හිටියා නම් හොදයි කියලත් කිව්වා.
ඒ සිනමා පිවිසීමත් එක්ක ඔබට සිනමාවට පුංචි තිරයට ඇරයුම් වැඩිපුර ලැබෙන්න ඇති..?
ඔව්. මට ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මංගල තෑග්ග චිත්‍රපටයේ රවින්ද්‍ර රන්දෙණිය මහත්මයාගේ බිරිද හැටියට මම රගපානවා.ඊට අමතරව අයිස් ක්‍රීම් කියන චිත්‍රපටය ළගදීම විකාශය වෙයි. හොද ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ රගපාන්න ලැබුණොත් විතරයි මම ටෙලි නාට්‍ය වලට යන්නේ. ආරාධනා නම් ලැබෙනවා.
වේදිකාව කියන්නේ රංගනයේ තිඹිරිගෙයයි. ඔබ රංගනයට නවක වුණත් වේදිකාවෙන් ඔබව දකිනවා..?
ප්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නාට්‍ය කණ්ඩායමේ මම ඉන්නවා. එතුමාගේ හංකිති 13 වේදිකා නාට්‍යට මම ඉන්නවා. මේ නාට්‍ය දිවයින පුරාම වේදිකාගත කරනවා. මම තමයි එහි ඉන්න එකම නවක නිළිය. සතුටුයි ඒ වගේ අවස්තාවක් ලැබුණු ඒක ගැන. මට ඉගෙන ගන්න හොදම තැන තමයි වේදිකාව.
ඔබ නිරූපණ ශිල්පිණියක්. බොහෝ අය හිතනවා නිර්මාණයකට ඔවුන් නිරුවත් වෙන්න හෝ අඩනිරුවත් වෙන්න කැමති බව. ඔබට එවැනි අවස්ථාවක් ලැබිලා තියෙනවද .. ලැබුණොත් සම්බන්ධ වෙනවද..?
ඒ වගේ චරිත වලට ඇරයුම් ලැබුණා.අවස්ථා ලැබිලා තියෙනවා ලිප් කිස් කරන්න එහෙම. මම සම්බන්ධ වුණේ නැහැ. යම්කිසි අධ්‍යක්ෂවරයෙක් මාව නිරුවත් කරලා ප්‍රසිද්ධ වෙනවා නම් මම ඒ දේ කරන්නේ නැහැ. ඒත් නිර්මාණයේ අවශ්‍යතාවය අනුව හා අධ්‍යක්ෂක විශ්වාස නම් නිරුවත් වෙන්න හෝ අඩනිරුවත් වෙන්න බැරිකමක් නැහැ. ඒ වගේම මම කැමති ප්‍රවීණ නිර්මාණකරුවන් යටතේ වැඩ කරන්නයි. මොකද මම නවක නිසා.
නිරූපණ ශිල්පිණියක් විදිහට ජාත්‍යන්තරයට යන්න කැමැත්තක් නැද්ද..?
මම පැජන්ට් වලට ගිහිල්ලා නැහැ. ලබන අවුරුද්දෙවත් ඒ ගැන හිතන්න ඕන.
අයිශ් ලස්සනට ඉන්න මොනාද කරන්නේ..?
මම ජිම් යනවා සතියකට දවස් තුන හතරක්. ඊට අමතරව තෙල් කෑම හා පිටි කෑම කන එකෙන් වැලකි ඉන්න උත්සහ ගන්නවා.
ගොඩක් ලස්සනට රූප තිරයෙන් පෙනෙන අය ලස්සන මේකප් වලින්. ඔබත් ලස්සන එහෙමද..?
ගොඩක් අය නම් කියන්නේ ස්භාවික ලස්සනක් මට තියෙන්නේ කියලා.මගේ සම ලස්සනයි කියනවා. කොහොමත් මට ලොකු මේකප් එකක් දාන්නේ නැහැ. මම නිර්මාණ වලට විතරක් ලයිට් මේකප් එකක් දාන්නේ. නැත්තම් මම මේකප් පාවිච්චි කරන්නේ නැහැ.
ජනප්‍රියත්වයත් එක්ක ආදරයට ඇරයුම් ලැබෙනවා ඇති..?