Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
18
චිත්‍රපටිවල සතුන් වේශ නිරුපනය කරන ඇස් බැන්දුම මෙන්න. - Photos

- චිත්‍රපටිවල සතුන් වේශ නිරුපනය කරන ඇස් බැන්දුම මෙන්න. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
ඇලෙක්සැන්ඩ්‍රා බැනිස්ටර් කියන්නේ ලස්සනට චිත්‍ර අදින තරුණියක්. ඒ  වගේම ඇය වේශ නිරුපන ශිල්පිණියක්. ඇමරිකානු අධ්‍යක්ෂකවරයෙක් වන Steven Spielberg අධ්‍යක්ෂණය කළ  'War Horse' කියන චිත්‍රපටයේ  අශ්වයින්ගේ වේශ නිරූපණ ශිල්පීන්ගේ උපදේශිකාව විදිහට පත් කළේ. වර්ෂ 2011 තිරගත වුනු මේ චිත්‍රපටය බොක්ස් වාර්තා බිද දමන්න සමත් වුණා. ඒ ඇමරිකන් ඩොලර් මිලියන 177.6 ක් උපයමින්.

මේ චිත්‍රපටය සදහා අශ්වයින් 80ක් පමණ යොදාගෙන තිබෙන අතර මේ අශ්වයින් වේශ නිරුපනය කරන්න සේවකයින් විසි හය දෙනෙක් පමණ ඉදලා තියෙනවා. ඇය තමයි එහි ප්‍රධානත්වය ගත්තේ. මේ චිත්‍රපටය රූගත කරන්න පටන් ගත්තේ 2010 වර්ෂයේ ජුනි මාසේ. මේ චිත්‍රපටය රූගත කරලා අවසන් වෙනතුරුම මේ අය උදේ ඉදලා රෑ වෙනකල්ම අශ්වයින්ව හැඩගන්වලා. සති පහක කාලයක් ඇය මේ වෙනුවෙන් කැප වෙලා.

අශ්වයින්ව මේකප් කරන්නේ කොහොමද කියලා බොහෝ අයට හිතෙන්න පුළුවන්. චිත්‍රපටිවල නළු නිළියන්ව චරිතවලට ගැළපෙන විදිහට වේශ නිරුපනය කරද්දී තුවාල දර්ශන විවිධ පැල්ලම් වගේ දේවල් වේශ නිරුපනය කරනවා වගේම අශ්වයින්වත් වේශ නිරුපනය කරලා. අශ්වයින්ගේ තුවාල මඩ, ලේ පැල්ලම්, සිරීම් මෙන්ම සුදු අශ්වයාව වෙනත් වර්ණයක් ගැන්වීම මේ හැමදෙයක්ම චිත්‍රපටය බලන අපිට ඇත්ත සිදුවීම් වගේ දනවන්නේ මේ මේකප් වලින්. ඒ විතරක් නෙමෙයි සතුන්ව නිර්මාණයකට ගන්නකොට ඒ සතාගේ මුහුණේ ඉරියව් පවා මේකප් වලින් වෙනස් කරන්නේ මේ කියන සතුන් වේශ නිරුපනය කරන්නන් තමයි.

ඇය මාධ්‍යට මෙහෙම කියලා තිබුණා.

" මම පුංචි කාලේ ඉදලා චිත්‍ර අදින්න ආසයි.. මගේ ගෙදර අශ්වයෙක් ඉන්නවා. මම මුලින්ම මගේ අශ්වයාව එක එක විදිහට මේකප් කළා. මම ගෙදර මගේ අශ්වයා එක්ක ඉන්නකොට තමයි මුලින්ම  චිත්‍රපටය සදහා ආරාධනා ලැබුණේ. මගේ මුල්ම අවස්ථාව මට ලැබෙන්නේ   'War Horse' කියන චිත්‍රපටයට.මේ හරහා මම ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම වෙනත් චිත්‍රපටි සදහා ආරාධනා ලැබුනා.."

 ඒ වගේ සතුන්ව මේකප් කරන කෙනෙක් තමයි රෝස් ඕඩයිල් කියන්නේ. ඇය Animals of a Different Color කියලා සතුන් මේකප් කරන ආයතනයක් පවත්වාගෙන යනවා. animal planet channel කියන වැඩසටහනට සීබ්‍රා කෙනෙක්ව භාවිතා කරන්න සිදු වෙලා තියෙනවා. නමුත් සීබ්‍රා කෙනෙක්ව ගන්න අමාරු නිසා අශ්වයෙක්ව අරගෙන සීබ්‍රා වගේ වේශ නිරුපනය කරලා.

බොහෝ සිනමා කෘති සදහා එවැනි ඇස්බැන්දුම් කරනවා. නමුත් ඒ සිනමාපට බලන අය ඒ ගැන දන්නේ නැහැ. රෝස් Michel Hazanavicius අධ්‍යක්ෂණය කළ The Artist චිත්‍රපටිය සදහාත් ඇය ඇරයුම් ලබනවා. එයත් විකාශනය වෙන්නේ 2011 වර්ෂයේ නොවැම්බර් මාසේ. : Cameron Crowe අධ්‍යක්ෂණය කළ We Bought a Zoo චිත්‍රපටියත් , Raja Gosnell අධ්‍යක්ෂණය කළ Beverly Hills Chihuahua කියන චිත්‍රපටයටත් ඇය වේශ නිරුපනයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. සතුන් සහිත ඕනෑම සිනමාපටයක් බලද්දී අවධානයෙන් බැලුවොත් ඒ රැවටීම අපි කාටත් බලා ගන්න පුළුවන්.





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top