Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
18
" ෆිල්ම් එක බලපු පුංචි දරුවොත් දැන් මං දිහා බලන්නේ බයෙන්.." - කුමාර තිරිමාදුර

- " ෆිල්ම් එක බලපු පුංචි දරුවොත් දැන් මං දිහා බලන්නේ බයෙන්.." - කුමාර තිරිමාදුරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
"ඉන්දියානු චිත්‍රපටයක රඟපාන්නත් කතා කළා.."

"මට පොඩ්ඩක්වත් ඒ ගැන දුකක් නෑ.."

කුමාර තිරිමාදුර කියන්නේ කලාව තුළ පෙරළිකාර චරිතයක්. ඔහුගේ කලා ජීවිතය ආරම්භ වන්නේ පුවත්පතෙන්. පසුව විදි නාට්‍ය, වේදිකා නාට්‍ය වගේම සිනමාවෙත් පුංචි තිරයේත් ආක්‍රමණශීලි චරිතයක් බවට පත් වෙනවා. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අමතන ඔහු ගැන පුවත්පතක මෙලෙස තොරතුරු පලවී තිබුණා.

ඔබ මේ දිනවල සිනමා තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ කොස්තාපල් විමල් විදියට. මුලින්ම ඒ රංගන අත්දැකීම ගැන කතා කරමු?
ඒ ගැන කතා කරන්න කලින් මම මුලින්ම 'මව්බිම'ට ස්තූති වන්ත වෙනවා. මොකද ධර්ම යුද්ධය චිත්‍රපටයේ මම කළ රංගනය ගැන අහන්න මට තව වෙනතුරු පුවත්පතකින් කතා කළේ නෑ. මුලින්ම හදගැස්මෙන් තමයි මට කතා කළේ. ධර්ම යුද්ධයේ මගේ රංගනය දැක්ක ගොඩක් අය කියනවා මේ චරිතය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා.

ඔබට හිතෙන්නේ නැද්ද ධර්ම යුද්ධයේ විමල්ගේ චරිතය ඔබේ ජීවිතයේ සුවිශේෂී හැරවුමක් කියලා?
මම කළ අනෙක් චරිතවලට වඩා මේ චරිතය සුවිශේෂියි කියලා මමත් හිතනවා. ඇත්තටම මේ චරිතයට මාව තෝර ගත්ත රවි කියන ඉන්දියානු අධ්‍යක්ෂවරයාටත් මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.

ඔබට මේ චරිතයේ සුවිශේෂත්වයක් දැනුණේ මෙය විදේශීය අධ්‍යක්ෂවරයෙක් කළ නිසාද? නැත්නම් විමල්ගේ චරිතය ඔබව සුවිශේෂී තැනකට ඔසවා තැබූ නිසාද?
ගාමිණී චිත්‍රපටයේ මම නිරූපණය කළ සාජන් රණසිංහගේ චරිතයත්. තණ්හා රති රගා චිත්‍රපටයේ මම කළ චරිතයත් මට විශේෂයි. මේ චරිතය මට සුවිශේෂ වෙන්නේ ඉන්දියාවෙන් ආ පිරිසක් කළ නිසා නෙමෙයි. මේ කතා වස්තුව එක්ක බලද්දි මගේ චරිතයත් ඉහළට ඔසවා තබන නිසා. මට ඒ තුළ යමක් කරන්න තිබ්බ වගේම පිටපතෙන් ඒ චරිතය මතු කරන්න අවස්ථාවක් තිබුණා.

මේ චිත්‍රපටය අනුකරණයක්. ඒ නිසා ඔබේ චරිතය නිරූපණය කරද්දී ඒ චරිතය අනෙක් නිර්මාණවල නිරූපණය කළ අයට වඩා හොඳින් නිරූපණය කිරීමේ අභියෝගයක් ඔබට දැනුණද?
මේ කතාව ඉන්දියාවේ භාෂා හය හතකින් සිනමාවට නැඟිලා තියෙනවා. ඔය චිත්‍රපටවලින් මම බලලා තිබ්බේ පාපනාසම් චිත්‍රපටය විතරයි. ඒ චිත්‍රපටවලට දක්ෂ නළු නිළි පිරිසක් දායක වෙලා තිබුණු නිසා මෙය ඊට වඩා හොඳට කිරීමේ අභියෝගයක් මටත් තිබුණා. මම හිතනවා අපේ සමාජයට ගැළපෙන විදියට මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා.

කතාව අනුකරණයක් නිසා ඔබ ඒ චරිතත් අනුකරණය කළාද?
මට ඒ චරිත අනුකරණය කරන්න කිසිම වුවමනාවක් තිබ්බේ නෑ. ඒ ඒ ප්‍රදේශවල පොලිස් නිලධාරින් වෙනස්. මම නිරූපණය කළේ ලංකාවේ පොලිස් නිලධාරියාව. ඔවුන් සමාජය එක්ක ගනුදෙනු කරන ආකාරය අපි දැකලා තියෙනවා. ඒ නිසා මට ඒ චරිතය නිරූපණය කරන්න පහසු වුණා. අනුකරණයක් නොවී එහි යම් සේයාවක් ගන්න විතරයි මම උත්සාහ කළේ.

ඔබ චරිතයක් කරද්දී ඒ චරිතය වෙනුවෙන් කැපවෙන පුද්ගලයෙක්. කොස්තාපල් විමල්ගේ චරිතය කරද්දිත් ඔබ චරිත අධ්‍යයනය ගැඹුරින් සිදු කළාද?
මම ගාමිණී චිත්‍රපටය කරද්දි ගල්කිරියාගම කෑම්ප් එකට ගිහින් එහි පුහුණුවක් ලබාගත්තා. තණ්හා, රති, රගා චිත්‍රපටය කරද්දි මාස දෙකක් ත්‍රීවිල් රියැදුරන් ඇසුරු කරමින් ත්‍රීවිල් පදවන්න පුරුදු වෙමින් ඒ චරිත අධ්‍යයනය කළා. පොලිස් නිලධාරියාගේ චරිතය අධ්‍යයනය කරන්න මට වුවමනා නොවුණේ මම පොලිස් නිලධාරින්ව දන්න නිසා. අපේ රටේ ඉන්නේ 90%ක් හොඳ පොලිස් නිලධාරින් 'විමල්' වගේ බලය මිනිසුන්ට පෙන්වන කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒ ඉන්න අය තමයි විමල්ගේ චරිතයෙන් එළියට එන්නේ.

කොස්තාපල් විමල්ගේ චරිතය දුෂ්ටයා විදියට නේද ප්‍රේක්ෂකයා වැලඳ ගන්නේ?
මේ චිත්‍රපටයේ හීරෝ මම. විලන් වෙන්නේ හරිස්චන්ද්‍ර. මොකද හරිස්චන්ද්‍ර මිනිහෙක් මරනවා. ඒක ප්‍රේක්ෂකයනුත් දන්නවා. විමල් එය හෙළි කරන්නයි උත්සාහ කරන්නේ. සුදු චරිතය මම වුණාට ප්‍රේක්ෂකයා චිත්‍රපටය බලද්දි ප්‍රාර්ථනා කරන්නේ මේ මිනීමැරුම අහුවෙන්න එපා කියලා. විමල්ට තමයි ප්‍රේක්ෂකයා වෛර කරන්නේ. හැබැයි කොස්තාපල් විමල් ගැන දුක්වෙන පිරිසකුත් ඉන්නවා.

විමල් එක් අවස්ථාවක හරිස්චන්ද්‍රගේ දරුවන්ට දරුණු ලෙස තරවටු කරන පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ වගේ චරිත නිරූපණයක යෙදෙන්න අපහසු වුණේ නැද්ද?
මට ඒ අවස්ථාව නිරූපණය කරන්න අපහසුවක් දැනුණා. දරුවන්ට ඒ විදියට කතා කරන්න මම කැමැති නැහැ. ෆිල්ම් එක බලපු පුංචි දරුවොත් දැන් මං දිහා බලන්නේ බයෙන්. මම උස මහතට හිටියට හරිම සංවේදී කෙනෙක්. චරිතය සාර්ථකව කරන්න තමයි මම උත්සාහ කළේ. චරිතය සාර්ථකව කළ නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාරේ තොටේ දැක්කත් විමල් කියලා තමයි මට කෑ ගහන්නේ.

අධ්‍යක්ෂවරයාත් ඔබේ රංගනය ගැන සතුටු වුණා කියලා ආරංචියි?
අධ්‍යක්ෂවරයා මට කිව්වා දමිළ චිත්‍රපටවල පොලිස් නිලධාරින්ගේ රංගනයටත් වඩා මම දක්ෂ ලෙස රඟපෑවා කියලා. මම හොඳට රඟපානවා කියලා අධ්‍යක්ෂවරයා වගේම කැමරා අධ්‍යක්ෂවරයාත් මට ප්‍රශංසා කළා. ඉන්දියානු චිත්‍රපටයක රඟපාන්නත් මට ඔහු කතා කළා. අවාසනාවට චිත්‍රපටය කරලා මාස හයකින් අධ්‍යක්ෂවරයා මිය ගියා.

දක්ෂ රංගනයක යෙදිලත් ඔබට මාධ්‍යවලින් ඉඩ නොලැබෙන්නේ ඇයි?
ඒක මමත් දන්නේ නෑ. මම අවුරුදු පහළොවක් පත්තර කාරයෙක් වෙලා හිටපු නිසා මාව අගයක් නැද්ද දන්නෙ නෑ. මම ගිහින් ආටිකල් කරගන්න ඕන කියලා හිතනවද දන්නෙත් නෑ. වෙනත් පුද්ගලයෙක් මේ චරිතය කළා නම් මීට වඩා ආන්දෝලනයක් ඇති වෙයි. ඒත් මට ඒ ඉඩ ලැබුණේ නෑ.

ඒ ගැන කලකිරීමකින්ද කතා කරන්නේ ?
මට පොඩ්ඩක්වත් ඒ ගැන දුකක් නෑ. මම මාධ්‍ය නිසා වැජඹෙන කෙනෙක් නෙමෙයි.

මේ චරිත නිරූපණය ගැන සම්මානනීය බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ?
මට සම්මාන ගැන බලාපොරොත්තු නෑ. මම චිත්‍රපටය දිනවන්න වැඩ කළේ. මෑන් ඔෆ්ද මැච් වෙන්න මට ඕන වුනේ නෑ. ඇගයීමකට ලක්වුණොත් ලක්වෙයි. මම ඒක හොයාගෙන යන්නේ නෑ.

ඔබ සිනමාවේ තෝරා ගැනීම් එක්කද වැඩ කරන්නේ?
සිනමාවේදී මගේ ලොකු තෝරා ගැනීම් නැහැ. අහිංසක චරිතයක්ද නපුරු චරිතයක්ද, කොමඩි චරිතයක්ද, කියන එක මට අදාළ නෑ. මට යම් නිර්මාණයක චරිතය තුළ යමක් කරන්න තියෙනවා නම් මම ඒ දේ කරනවා. මම කරපු ටවුමේ ඉස්කෝලේ, හිතුවක්කාරී වගේ චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා.

බොහෝ අය ජනප්‍රිය මාධ්‍ය පස්සේ යද්දි ඔබ තාමත් වේදිකාව වෙනුවෙන් ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා. ඇයි ඒ?
ටෙලි නාට්‍ය කලාවට ගිය නිසා මට වේදිකාව යම් කාලයක මඟහැරුණා. වේදිකාව කියන්නේ මගේ විශ්වවිද්‍යාලය. දක්ෂයන්ට විතරයි වේදිකාවේ රැඳෙන්න පුළුවන්. ලාභ ප්‍රයෝජන නැති වුණත් ගම් නියම්ගම්වලට ගිහින් අපේ පරම්පරාව වේදිකාව තුළ යමක් කරනවා.

අලුතෙන් ගීතයක් කරන්න අදහසක් නැද්ද?
අලුතෙන් ගීත දෙකක්ම ළඟදි කරනවා. මම කරපු මම බොරැල්ලේ අෑ බදුල්ලේ, අෑ මට ආදරෙයි වගේ ගීත තාමත් රසිකයන් අතර ජනප්‍රියයි.

මොනවද ඉදිරි වැඩ?
වත්තල ගිහා විත් මහරගම කුමා ප්‍රසංගය අරගෙන ලබන මාසේ මමයි ගිහානුයි ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට යනවා. මාසයක් විතර ඒ ප්‍රසංගයත් එක්ක ඉන්නවා. ඊට අමතරව සරත් කොතලාවලයි මමයි නිවුස් පේපර් සහ ශ්‍රී ලංකන් කියලා චිත්‍රපට තිරපිටපත් දෙකක් ලියලා තියෙනවා. මේ දවස්වල ඒ නිර්මාණ කරන්න නිෂ්පාදකවරයෙක් හොයමින් ඉන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top