සයිබීරියාවේ Irkutsk කියන ප්‍රදේශයේ අවන්හලක් පිටු පස කූඩුවක සිටි වලහෙකුට ආහාර ලබා දීමට ගිය බීමතින් සිටි පුද්ගලයෙකු ආහාර ලබා දී හිරිහැර කිරීම නිසා වලහා එම පුද්ගලයාගේ අත තුවාල කර තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
42 හැවිරිදි Andrey Sakharovsky කියන පුද්ගලයාව දරුණු ලෙසින් තුවාල කර තිබෙන අතර ඔහු වලහාගෙන් බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා. නමුත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබුණත් ඔහුගේ අත බේරා ගැනීමට නොහැකි වෙලා.
වලහාගේ කුඩුවට අත දැමු මෙම පුද්ගලයාගේ දකුණු අත වලහා තදින් අල්ලා ගෙන තිබෙනවා. මේ දර්ශනය අවන්හලේ ඇති ආරක්‍ෂිත කැමරා වලින් දැක ගන්න ලැබී තිබෙන අතර පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට එහි සිටි සේවකයින් උත්සහ ගෙන තිබෙන්නේ ඉන් පසුවයි.
ඔහුගේ අත ඉවත් කිරීමට රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබෙන අතර ඔහුට දැන් රැකියාවක් කිරීම නොහැකි නිසා අවන්හලෙන් ඔහු වන්දි මුදලක් ඉල්ලා තිබෙනවා.