ව්‍යාජ නමකින් හා ලිපිනයකින් දරු ප්‍රසූතියක් සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් වූ කාන්තාවක් තමන්ට ලැබුණු දරුවා විකිණීමට සූදානම් වී සිටියදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවලපිටිය කඩියාල්ලන ප්‍රදේශයේ ලිපිනයක් දී ඇති මෙම 23 හැවිරිදි කාන්තාව පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමේදී ඇය කළ බොරුව හෙළි කර ගැනීමට පොලිසිය සමත්ව තිබුණා.
තමා සේවය කළ කොළඹ ප්‍රදේශයේ නිවසක මහත්මයෙක් තමන්ව සිහිනැති වීමට බෙහෙත් දී කළ අතවරයකදී තමාට මෙම දරුවා ලැබුණු බව ඇය ප්‍රකාශ කළද ඇයගේ නංගිගේ සැමියා සමග පැවැත්වූ අනියම් සම්බන්ධයකින් මෙම දරුවා ලැබී ඇති බව පොලිසිය සොයා ගෙන තිබෙනවා.
එම සහෝදරිය විදේශගතවී ඇති බවත් ඒ අතරතුර මේ අනියම් සම්බන්ධය ඇතිවී ඇති බවත් ඒ සඳහා කොළඹ කතාවක් කීම ඇය ගෙතූ බොරුවක් බවත් හෙළිව තිබෙනවා.
නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි ඇය දරු ප්‍රසූතිය වසන් කිරීම සඳහා මෙසේ නාවලපිටිය ප්‍රදේශයේ ලිපිනයකින් හා ව්‍යාජ නමකින්ද පෙනී සිට තිබෙනවා.