Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
17
"තාත්තත් එක්ක එළියට ගියොත් සමහර අය මම එයාගේ girl friend ද කියලා අහනවා.." මලීෂා පෙරේරා

- "තාත්තත් එක්ක එළියට ගියොත් සමහර අය මම එයාගේ girl friend ද කියලා අහනවා.." මලීෂා පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41 Views
"අම්මයි, තාත්තයි කටකතා ගණන් ගන්නේ නෑ.."

"එයාලට අපි තරම් වටින කිසිම දේකුත් නෑ..."

චන්න පෙරේරා හා ගයත්‍රී ඩයස් කියන්නේ ජනප්‍රිය වගේම දක්ෂ කලාකරුවන්. මේ දෙන්නාගේ ආදරණිය දියණිය මලීෂා. කලාවට කිසිම සම්බන්ධයක් නැතත් ඇය දෙමාපියන් නිසාම හැමෝම හදුනනවා. ඇය ගැන තොරතුරු පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා. මේ ඒ ගැනයි.

මලීෂා කොහොමද ජීවිතේ?
ඉන්නවා ඉතින් වෙනදා විදියටම.

 දැන් මලීෂා ලොකු ළමයෙක්නේ?
ඔව්. මට දැන් අවුරුදු 19යි.

 එතකොට නංගිට?
එයාට අවුරුදු 11යි. නංගි මට වඩා අවුරුදු 8ක් බාලයිනේ.

 මලීෂා දැන් තරුණ ගෑනු ළමයෙක්. මේ තරුණ දුවෙක්ට තමන්ගේ සිතැඟි හුවමාරු කරගන්න අම්මා ළඟින්ම ඉන්න ඕනෑ කාලයක්?
මම හුඟාක් කිට්ටු තාත්තාට. තාත්තාට වඩා අම්ම දැන් කාර්ය බහුලයි. මම මගේ දේවල් හුඟාක් ෂෙයා කරගන්නේ තාත්තා එක්ක. මම තාත්තාට හැමදේම කියනවා.

 අම්මාට කිට්ටු නෑ කියලද ඔය කියන්නේ?
නෑ..... නෑ...... අම්මටත් හංගන්නේ නෑ. වැඩිපුරම ගෙදර ඉන්නේ තාත්තානේ. තාත්තා තමයි මගේ හොඳම යාළුවා.

 මලීෂාගේ තාත්තා දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක්. අම්මා නිළියක් එහෙම වෙලත් මලීෂා තාමත් රංගන
ක්ෂේත්‍රයට එන්න ප්‍රමාද ඇයි?
මම කැමති නෑ රඟපාන්න.

 පුංචිම කා‍ලේ රඟපෑවනේ?
ඔව්. ඒ නොදන්න කා‍ලේනේ. තාත්තාගේ ටිකිරි හපන්නු ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ රඟපෑවේ නෑ.

 මොකක්ද අකමැත්තට හේතුව?
විශේෂ හේතුවක් නෑ. මම හිතනවා රඟපෑමට මම දක්ෂ නෑ කියලා. මම කැමති ගායනයට. ඒත් දැන්ම ඒ ගැනත් හිතන්නේ නෑ. අධ්‍යාපන කටයුතු ඉවර කරලා සංගීතයත් හදාරලා ඊට පස්සේ මගේම කියලා ගීතයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකත් පූර්ණ කාලීන කරන්නේ නෑ. ගායනය මගේ විනෝදාංශයක් විතරයි.

සමහර කලාකරුවන්ගේ ළමයි පුංචි කාලෙම ක්ෂේත්‍රයට ඇවිත් අම්මලා තාත්තලාට වඩා ජනප්‍රිය වෙනවා. සමහරු කලා ක්ෂේත්‍රය ගැන දක්වන්නේ උදාසීනකමක්. මට හිතෙන විදියට මලීෂා අයිති වෙන්නෙ ඔය දෙවැනි කොට්ඨාසයට?
ඔව්. අනික අම්මයි තාත්තයි මට බලපෑම් කරන්නෙත් නෑ. කලාවට සම්බන්ධ වෙන්න කියලා. ඒ නිසා මම මගේ පාඩුවේ ඉන්නවා.

 ගයාත්‍රියි චන්නයි කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න නළු නිළියන් අතරින් දවසෙන් දවස වයසට යනවා වෙනුවට දවසෙන් දවස තරුණ වෙන දෙන්නෙක්. ඒ ගැන දුව විදියට මලීෂාට ආඩම්බර ඇති?
මට නම් ඒක මහා වදයක්. මට හිතෙන්නේ ඒ දෙන්නා ඉස්සරහ මම වයසයි කියලා. මොකද තාත්තත් එක්ක ගියොත් girl friend ද  කියලා අහනවා. අම්මා එක්ක ගියාම නංගිද කියලා අහනවා. මම ඒකට කැමති නෑ. ඒ නිසා මම ඒ දෙන්නත් එක්ක වෙන වෙනම තනියෙන් එළියට යන්නත් කැමති නෑ.

 අම්මයි දුවයි අක්කයි නංගියි වගේ ඉන්න කොච්චර ආඩම්බරද?
අම්මා ඒ ගැන ආඩම්බර වෙනවා ඇති. ඒත් මම නම් ඒකට එච්චර ආස නෑ.

 අනාගතයේ කවුරු වෙන්නද කැමති?
ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඕනෑ.

 මලීෂා මාධ්‍ය ඉස්සරහට එන්නත් අකමැතිලු නේද?
ඔව්. වැඩසටහන්, ෆොටෝ ෂූට්වලට සහභාගි වෙන්නත් මම වැඩිය ආස නෑ. ඒත් අම්මයි තාත්තයි වෙනුවෙන් සහභාගි වෙනවා. ෆොටෝ ෂූට්වලදී හරියට ඉන්නේ නෑ කියලා අම්මාගෙන් බැණුම් අහන වෙලාවලුත් තියෙනවා. මම ගැන දන්න නිසාම අම්මයි තාත්තයි එයාලත් එක්ක මාධ්‍ය ඉස්සරහට යන්න වුණොත් කල් ඉඳන්ම ඉන්න ඕන විදිය කියලා මට උපදෙස් දෙනවා.

 ජනප්‍රිය අයට ඉක්මනින් කට කතා හැදෙනවා. අම්මා, තාත්තා, ගැන විවිධ විදියෙ කට කතා හැදෙද්දී මලීෂාගේ ප්‍රතිචාරය මොකක්ද?
අම්මයි, තාත්තයි, ඒ දේවල් ගණන් ගන්නේ නෑ. ඒ දෙන්නට ඒවා ප්‍රශ්න නොවෙන කොට අපිට ඒවා කොහොමත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. කවුරු මොන දේ කිව්වත් අපි අපේ අම්මයි තාත්තයි ගැන දන්නවානේ. එයාලට අපි තරම් වටින කිසිම දේකුත් නෑ. අපිටත් එයාලා තරම් වටින කවුරුත් ඇත්තෙත් නෑ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top