ටයිටැනික් සිනමාපටය මතකයට නැගෙන හැම මොහොතකම ඊළගට මතක් වෙන නම් දෙකක් තිබෙනවා. ඒ තමයි Leonardo Dicaprio හා Kate Winslet ගේ නාමයන්. මුළු ලෝකයම අදත් ආදරය කරන ප්‍රේමාන්විත සිනමා කෘතියට මේ දෙන්නාගේ රංගන දායකත්ව ආකර්ශනීය නිසා ඒ දෙන්නා ගැනත් බොහෝ අය මතක් කරනවා.
මේ දෙන්නාගේ ආදරයට දැන් අවුරුදු 20යි. ඒ චිත්‍රපටයෙන් හදුනාගත් බැදීම මේ දෙන්නා යළි යළිත් අලුත් කරගන්න විවේකයක් ලැබෙන මොහොතක මුණගැහෙනවා. ඒ විදිහට පසුගිය දවසක ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ප්‍රංශයේ Saint Tropez වෙරළ තීරයේ තිබෙන සුඛෝපභෝගී වත්තේදි මේ දෙදෙනා හමුවෙලා.
ලියනාඩෝගේ පාරිසරික පදනම වෙනුවෙන් තමයි දෙදෙනාගේ හමුව සිදුවුණේ.
කේට් වින්ස්ලට්න් දරුවන් තිදෙනෙකුගේ මවක් වෙනවා.
මේ වන විට ලියනාඩෝට වයස 42ක් වන අතර කේට් වින්ස්ලට්න්ට වයස 41ක් වෙනවා.