මව, දියණිය සහ ලේලිය රෝහලේ
කෑගල්ල - පිටගල්දෙණිය - ගුරුගොඩ ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ තිදෙනා වන්නේ මව, දියණිය සහ අනතුර හේතුවෙන් මියගිය පුතුගේ බිරිඳ බවයි අනාවරණ වී ඇත්තේ .
අද අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 57 හැවිරිදි පියා සහ ඔහුගේ 31 හැවිරිදි පුත්‍රයායි.
මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් පිරිසක් බවටයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ පියා විසින් රථය පදවා ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම පිරිස කොට්ටාව ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.