මංජුලා කුමාරී කියන්නේ පුංචි තිරයේ හිටපු අහිංසකම පෙම්වතියක් කිව්වොත් හරි. විවාහයත් එක්ක ඇගේ රංගන දක්ෂතා දකින්න ලැබුණේ අඩුවෙන්. නමුත් ඇයට ලැබුණු රසික ප්‍රතිචාර නම් තවමත් අඩුවක් නැහැ. ඒ නිසා ඇයගේ අලුත් තොරතුරු කොහොමද කියලා දැනගන්න මංජුලාව හිරු ගොසිප් එක්ක කතා බහකට එකතු කරගත්තා. මේ මංජුලාගේ අලුත් තොරතුරුයි.
මංජුලාව නිර්මාණ එක්ක සෑහෙන කාලෙකින් දකින්න ලැබුණේ නැහැ නේද..?
අපේ පුතා ඔලිත. එයා ලැබුණට පස්සේ නිර්මාණ වලට සම්බන්ධ වුණේ නැහැ. මම අම්මා කෙනෙක් විදිහට පහුගිය කාලෙම කාර්ය බහුල වුණා.
රංගනයෙන් ඉවත් වෙන්නද කල්පනා කරන්නේ..?
රංගනයෙන් ඉවත් වෙන්න කොහොමත් අදහසක් නැහැ. හොද නිර්මාණයක් ලැබුණොත් තව ටික කාලෙකින් ආයෙමත් මම රංගනයට සම්බන්ධ වෙනවා. කලාව කියන්නේ මම කැමති දෙයක්. ඒ හැකියාව මට ලැබෙන්නේ උපතින්.ඒ නිසා රංගනය එක්ක තව දුරටත් රැදෙන්න කැමතියි.
මංජුලා සැමියා එක්ක එකතු වෙලා නිර්මාණ නිෂ්පාදන කටයුතු කළා. නිෂ්පාදන කටයුතු වෙන්නෙත් නැද්ද..?
නැහැ. තාවකාලිකව එයිනුත් ඉවත් වුණා.
විවාහ වෙන බොහෝ දක්ෂ ජනප්‍රිය කලාකරුවන් විවාහයත් එක්ක රංගනයෙන් ඉවත් වෙනවා. සැමියාගෙන් රංගනයට සීමාවක් වැටීමත් ඔබව නොදකින්න හේතුවක්ද..?
කෙහෙත්ම නැහැ.මම සම්බන්ධ වුණු පළමු නිර්මාණයේ ඉදලම මම නිර්මාණ භාර ගත්තේ තෝරාගෙන. ඒක විවාහ වුණාට පස්සෙත් එහෙමයි. ඉදිරියටත් එහෙමයි. ඒ නිසා කොයිම වෙලාවකවත් මට මගේ සැමියා නීති දැම්මේ නැහැ. මේ දේ කරන්න එපා. මේ නිර්මාණයට යන්න එපා කියලා. එයාට ලොකු විශ්වාසයක් තියෙනවා මම ගැන. මම කරන්නේ හොද දෙයක් විතරයි කියලා. ඒ නිසා එයා කවදාවත් මට නීති දාන්නේ නැහැ. එයා නිසා මම රංගනයෙන් ඉවත් වුණේ නැහැ .පුතා නිසයි මම රංගනයෙන් දැනට දකින්න නැත්තේ
.
ඒ කියන්නේ මංජුලා දැන් පවුල් ජිවිතයට කැප වෙලා..?
විවාහ වුණු හැම කාන්තාවක්ම හොද බිරිදක් අම්මා කෙනෙක් වෙන්න ඕන. පවුලට ඉටු කරන්න ඕන යුතුකම් තියෙනවා. ඒවා ඉටු කරන්න ඕන. මම රංගන ශිල්පිණියක් වුණත් සාමාන්‍ය කෙනෙක්. මගේ පුතාට වයස තවම අවුරුදු දෙකයි. එයාට අම්මාගේ ආදරේ ඕන කරන්නේ මේ වයසේදී. ඒ සෙනෙහස රැකවරණය පහු වෙලා දීලා වැඩක් නැහැ. මට හිත දෙන්නෙත් නැහැ පුතාව
දාලා වැඩ කරන්න. එයා තව ටික කාලෙකින් පෙර පාසැල් යයි. එතකල් මම දරුවා එක්ක ඉන්න ඕන. පවුල් ජිවිතයට මුල් තැන දීලා සතුටින් ඉන්නවා.
කාර්යබහුලකම හා ජනප්‍රියත්වයේ වැඩිකමත් විවාහ දෙකඩ වෙන්න හේතුවක් කියනවා. මංජුලා කුටුම්බය ආරක්ෂා කරන්න ඕන නිසාද සැමියාට අවනත වෙලා ඉන්නේ..?
ඇතැම් පවුල් ජිවිත දෙපැත්තට වෙන්න කාර්ය බහුලකම හෝ ජනප්‍රියත්වය විතරක් නෙමෙයි බලපාන්නේ. හුගක් දේවල් බලපානවා. විශ්වාසය, තේරුම් ගැනීම, ආදරය මේ හැමදෙයක්ම පොදුවේ කාටත් බලපානවා. මමත් මගේ පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න ඕන හැමදේම කරනවා. මොකද මගේ ජිවිතේ වටිනාම දේ ඒක නිසා.
රංගන ක්ෂේත්රයේ ඉන්න අලුත් පරපුරට බොහෝ දෙනා චෝදනා කරනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ..?
මම නම් වරදක් දකින්නේ නැහැ. දක්ෂ අයත් ඉන්නවා. ඒවගේම හොද නිර්මාණ වගේම හරසුන් නිර්මාණත් දකින්න ලැබෙනවා.
නිර්මාණ දකිද්දී ඔබට රගපාන්න නොලැබෙන ඒක ගැන දුකක් නැද්ද..?
එහෙම දුකක් මට දැනිලා නැහැ. මම හැමදාමත් කතා බහට ලක් වුණු චරිතයකින් ජනතාව අතරට ගියේ. මම සෑහෙන කාලෙකින් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මට එදා වගේම ප්‍රතිචාර ලැබෙනවා. ඒක වාසනාවක්.
අලුත් නිලියන් ඉන්න නිසා මංජුලාට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද..?