කේ ප්‍රියංකා කුමුදුනි මහත්මිය නොදන්වා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සේවය අතහැර ගියා සේ සලකා තිබු අතර පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පොලිස් කොමිසමෙන් හා නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයෙන් කල ඉල්ලීමක් මත කේ ප්‍රියංකා කුමුදුනි මහත්මියට නැවත පොලිස් සේවය හිමිව තිබෙනවා .
ඒ අනුව ඊයේ (16) දිනයේ පල්ලම පොලිසිය වෙත පැමිණි කමුදුනි මහත්මිය පල්ලම පොලිස් ස්ථානාධිපති ලක්රුවන් ප්‍රනාන්දු මහතා හමුවී වැඩ භාර ගත්තා .ඒ අනුව පොලිස් කොස්තාපල් කුමුදුනි මහත්මියට පල්ලම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කටයුතු පවරනු ලැබුවා .
2006 වසරේ පොලිස් උපසේවයට එක්ව ඇති කේ ප්‍රියංකා කුමුදුනි මහත්මිය, 2006 වසර දක්වා පොලිස් උප සේවයේ රාජකාරි සිදු කර ඇති අතර පොලිස් නිත්‍ය සේවයට එක්ව සිට ඇත.
පොලිස් නිත්‍ය සේවයට එක්වුවත් එයට අදාල නියමිත ලිපි ලේඛන හෝ භාර ගැනීමකින් තොරව සේවය අතහැර ගොස් ඇත්තේ සිය දරුවන් රැක බලා ගැනීමට කිසිවෙකු නොසිටි නිසාවෙන් .
පොලිස්පතිවරයා, සරත් හේමචන්ද්‍ර පොලිස් විරුවාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් කියා සිටියේ මේ ඝාතනය පිලිබඳව විදිමත් පරීක්ෂණයක් පවත්වන අතර පොලිසියෙන් විය යුතු සියලු දේ මේ නිලධාරියා වෙනුවෙන් ඉටු කරන බවයි .
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා එදින මෙසේද පැවසුවා .
"අද මා මේ ස්ථානයට පැමිණි විට දැනගත්තා මේ නිලධාරියාගේ බිරිඳත් පොලිසියේ සේවය කරලා පසුව දරුවන්ගේ රාජකාරි වැඩිවීම මත සේවයෙන්ඉවත් වෙලා තියනවා කියල . ඇයගේත් කැමැත්ත මත නැවත ඇය පොලිස් සේවයට ඇතුලත් කර ගැනීමට ඇති හැකියාව පිලිබඳව නිතිය හා සාමය පිළිබද අමාත්‍යංශයට , අමාත්‍යවරයාට හා පොලිස් කොමිසමට කරුණු දක්වන්න මා කටයුතු කරනවා . ඒ වගේම මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් ලෙස සලකලා පොලිස් කොස්තාපල් වරියක් ලෙස නැවත ඇය සේවයේ පිහිටුවීමටත් බලාපොරොත්තු වෙනවා .ඒ පාසල් යන වයසේ දරු දෙදෙනෙකු මේ පොලිස් විරුවාට සිටීම නිසා"
පොලිස් කොස්තාපල් කුමුදුනි මහත්මියට පාසල් යන වයසේ දරු දෙදෙනෙකු සිටිනවා . යාපනය මහාධිකරණ විනිසුරුවරයාද මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා කැපවන බව පොරොන්දු වුණා .