බස්රථයක ගමන්කළ පෙම් යුවලක් විසින් රියදුරුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ චිලී දේශයෙන්.
එම අවස්ථාවේ එහි සිටි සංචාරකයෙක් විසින් එම දර්ශන රූගත කර එම වීඩියෝව මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ තරුණයා විසින් ප්‍රථමයෙන් තරුණිය බස් රථයෙන් තල්ලුකර දමා රියදුරු ඇදගෙන රථයෙන් පිටතට පැමිණි බවයි.
අදාල පහරදීමට හේතුවක් අනාවරණ වී නොමැති අතර ගැටුම මර්ධනය කිරීමට බොහොපිරිසකට මැදිහත්වීමට සිදුව තිබෙනවා.
ගැටුම අතරතුර තරුණිය විසින් බස් රථ රියදුරාගේ යට ඇඳුමද ගලවා දැමීමට උත්සාහ ගන්නා අයුරු එහි දැක්වෙනවා.