පුංචි කාලේ අපි හැමෝම හීන දකිනවා. පාසැල් අධ්‍යාපනයෙන් පසුව හොද රැකියාවක් කරන්න. ඒ නිසා ගුරුවරුන් හෝ කිසියම් පුද්ගලයකු ලොකු වුණහම වෙන්න කැමති කවුද කියන ප්‍රශ්නය ඇසූ ගමන්ම හිත ඇතුළේ නලියන හීනය එලියට දානවා.
මේ කියන්න යන්නෙත් පුංචි පුතෙක් නාසා ආයතනයට යොමු කළ ඉල්ලුම් පත්‍රයක් ගැනයි. නාසා ආයතනය මගින් පසුගිය දවසක අලුත් රැකියා අවස්ථාවක් හදුන්වා දී තිබුණා වගේම ඒ සදහා ඉල්ලුම් පත්‍ර කැදවා තිබුණා.ඒ "ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරි" ( Planetary Protection Officer )කියන තනතුරට. මෙම රැකියාවේ පඩිය විතරක් ඇමරිකානු ඩොලර් 187,000ක්.ශ්‍රී ලංකාවේ මුදලින් මිලියන 28 ක පමණ මුදලක්.
මේ රැකියා අවස්ථාව දුටුව වයස අවුරුදු 9ක පුංචි පුතෙක් නාසා ආයතනයට මෙන්න මේ විදිහට ලිපියක් ලියනවා.
හිතවත් නාසා ආයතනය වෙත ,
මගේ නම ජැක් ඩේවිස්. මම කැමතියි ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරි තනතුරට ඉල්ලුම් කරන්න. මම අවුරුදු 9 පොඩි ළමයෙක් වෙන්න පුළුවන්.
එත් මම හිතනවා මට මේ රැකියාව කරන්න පුළුවන් කියල. එක් හේතුවක් තමයි මගේ සහෝදරිය මම පිටසක්වල ජීවියෙක් කියල නිතර කියන එක.
ඒ වගේම මම අභ්‍යාවකාශය ගැන, පිටසක්වල ජීවින් ගැන තියෙන හැම චිත්‍රපටියක්ම වගේ බලලා තියෙනවා. ඒ විතරක් නෙවේ මම "Marvel Agents of Shield" බැලුවා තව "Men in Black" show එකත් බලන්න ඉන්නේ.වගේම මට හොදට video games ගහන්නත් පුළුවන්. මම පොඩියි! ඒ නිසා මට පිටසක්වලයෙක් වගේ හිතන්න පුළුවන්!
මීට විශ්වාසී ,
ජැක් ඩේවිස් ,
ගැලැක්සි වල ආරක්ෂකයා
සිව්වන පංතිය
(Guardian of the Galaxy
Fourth Grade)
මේ ලිපිය බලලා නසා ආයතනය විසින් ජැක් ඩේවිස්ට පිළිතුරු ලිපියකුත් ලියලා තියෙනවා.ඒ "අපි හැමවිටම උදාර අනාගත විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් සොයමින් ඉන්නවා අපට උදව් ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පුංචි ඔයත් හොදට ඉගෙනගෙන අනාගතේ අපිත් එක්ක NASA එකේ වැඩ කරන්න ඒවි කියල." මේ පුංචි පුතාගේ හීනයට සුබවාදී විදිහට පිළිතුරක් ලැබිලා තියෙනවා.