කෑගල්ල, පින්නවල අලි අනාථාගාරය අසල මා ඔයේ කුඩා දූපතක සිට මැත්පැන් පානය කිරීමට සැලසුම් කරමින් සිටි පාසල් ශිෂ්‍යන් 8 දෙනෙකු ඊයේ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහනුවර නගරයේ ප්‍රධාන පාසල් දෙකක ශිෂ්‍යන් 8 දෙනෙක්.
ඔවුන් මහනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මෙම ශිෂ්‍යන් අට දෙනාගෙන 7 දෙනෙකුම ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර සෙසු සිසුවා 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයෙක්.
මොවුන් 8 දෙනා ඊයේ මව්පියන්ට අමතර පංති යන බව පවසා නිවෙස් පිටවී මහනුවර නගරයට පැමිණ අරක්කු බෝතල් සහ ඊට අවශ්‍ය ද්‍රව්‍ය සහ සිගරැට් පැකට්ටුවක්ද රැගෙන පින්නවල අලි අනාථාගාරයට පහළින් පිහිටි දූපතකට පැමිණ තිබුණා.
ඒ අවස්ථාවේදී පොලිසිය පැමිණ ශිෂ්‍යයන් සහ ඔවුන් රැගෙන ගොස් තිබූ ද්‍රව්‍යද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් එක් අයෙකුගේ උපන් දිනය ඊයේට යෙදී තිබූ බවත් ඒ වෙනුවෙන් ඔවුන් මෙම සාදය සංවිධාන කරගත් බවත් හෙළිව තිබෙනවා.