මධුර ප්‍රියදර්ශන පිරිස් කියන්නේ මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු කඩවසම් තරුණයෙක්. ඔහු රූපරචනා සදහා සම්බන්ධ වූ නිසා ආන්දෝලනාත්මක චරිතයක් බවටත් පත් වුණා.ඒ වගේම ඔහු දැන් රංගනයටත් සම්බන්ධයි. මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
මධුර දැන් කාර්යබහුලයි වගේ?
ඔව්. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ නිසාත් කාර්යබහුල වෙලා ඉන්නෙ.
නිරූපණ ක්ෂේත්‍රය නිසා නේද මධුර රංගනට ආවේ?
ඔව්. මම ක්ෂේත්‍රයට ආවේ Man hunt international පැජන්ට් එකෙන්. ඒකෙදී මට ලංකාව නියෝජනය කරමින් වර්ල්ඩ් පැජන්ට් එකට සහභාගි වෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට best model of Asia කියලා කිරුළක් ලැබුණා. නිරූපණ ක්ෂේත්‍රයට තමයි මම මුලින්ම ආවේ.
අද ඔබ රංගන ශිල්පියකුත් වෙලා. රංගනයට එන්න මධුර හීන දැකපු කෙනෙක්ද?
මට රංගනයට එන්න ආසාවක් තිබුණා. හුඟාක් නිර්මාණ මට ලැබුණා. නමුත් මට ගැළපුණේ නැති නිසා ඒවා මම භාර ගත්තෙ නැහැ.
එතකොට කවුරුන්ද නුඹ මගේ නාට්‍ය මධුරට හොඳට ගැළපුණා කියලා හිතනවාද?
කවුරුන්ද නුබ මගේ නාට්‍යයේ අධ්‍යක්‍ෂ ප්‍රභාත් රෝෂන් අයියා නාට්‍ය ගැන කිව්වම මට ඒ කතාවට සහ චරිතයට ආස හිතුණා. ඉතින් ඒකයි මම ඒ නාට්‍ය භාර ගත්තේ.
මධුරගේ රංගනය වෙනුවෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර?
හුඟාක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන සතුටුයි.
චරිතයක් ලැබෙනකොට වැඩිපුර හිතන්නේ මුදල් ගැනද?
නැහැ. මුදල් ගැන ටිකක් හිතනවා. වැඩිපුරම බලන්නෙ චරිතය. ලැබෙන චරිතය මට ගැළපෙනවාද කියලා බලනවා. නිර්මාණයේ කොලිටිය ගැනත් මම හිතනවා.
සිල් බිඳගත්ත මියුසික් වීඩියෝවෙන් මධුරව බොහෝ අය හඳුනා ගත්තා නේද?
ඔව්. ඒ වීඩියෝව හරහා මාව බොහෝ අය දැන ගත්තා.
සිල් බිද ගත්තට පස්සේ ඒ වගේම සිල් බිඳ ගන්න වැඩවලට මධුරට ආරාධනා ලැබුණේ නැද්ද?
දෙයක් කළාම ඒ වගේම දේවල්වලට ආරධනා ලැබෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒක භාර ගන්නවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගෙ පෞරුෂත්වය මත තමයි.
පුංචි තිරය, රිදී තිරය වෙනුවෙන් සිල් බිඳ ගන්න ලෑස්තිද?
නිර්මාණය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. අනෙක් එක දැන් එන මියුසික් වීඩියෝ එක්ක බලනකොට මම රඟපාපු වීඩියෝවේ එච්චර දෙයක් තිබ්බෙ නැහැ. කොහොම වුණත් මම දෙයක් කරන්නේ ඒ නිර්මාණයට ගැළපෙනවා නම් විතරයි.
ඉදිරියේදී ඔබව සිනමාවෙනුත් දැකගන්න පුළුවන් වෙයිද?
හොද නිර්මාණයක් ආවොත් අනිවාර්යයෙන්ම කරනවා.
මොනවද අලුත් වැඩ?
මේ දවස්වල ඉතින් වැඩිපුර තියෙන්නෙ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ තමයි.
ආයෙත් රඟපාන්නේ නැද්ද?
හොඳ සහ මට ගැළපෙන දෙයක් ලැබුණොත් රඟපානවා.
මධුරට ආදරේ කරන්න ගෑනු ළමයි පොරකනවලු නේද?