"මගේ මහත්තයාට හෘද්‍යාබාධයක් හැදිලා මිය ගියා"
"තාත්තා නැති වුණාට පස්සේ අම්මා ජීවත් වුණේ බොහෝම අමාරුවෙන්"
"දරුවන්ට උගන්වා ගන්න සහනයක් සලසලා දෙන්න"
නඩු විභාගයක් අතරතුර මියගිය තම සැමියා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළද මෙතෙක් කිසිදු දීමනාවක් තමන්ට නොලැබුණු බවට පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් චෝදනා කරනවා.
ඇය පවසන්නේ මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද කිසිඳු සහනයක් නොලැබුණු බවයි.
පස්සර පැල්ගහතැන්න ප්‍ර දේශයේ පදිංචිව සිටි එම් කේ සරත් පාලිත පෙරේරා උපසේවා පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට එක් වන්නේ 1992 වසරේදී.
ඔහු 2002 කාල සීමාවේ වව්නියාව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී නීත්‍යානුකූල නොවන අයුරින් අවි නිකුත් කිරීමක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක් කර තිබෙනවා.
නඩු විභාගයක් අතරතුර මිය ගිය තම සැමියා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළද මෙතෙක් කිසිදු දීමනාවක් තමන්ට නොලැබුණු බවට පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් චෝදනා කරනවා.
ඇය පවසන්නේ මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද කිසිඳු සහනයක් නොලැබුණු බවයි.
මියගිය පොලිස් නිලධාරියාගේ දියණිය
තාත්තා නැති වුණාට පස්සේ අම්මා ජීවත් වුණේ බොහෝම අමාරුවෙන් .මම ඉන්නේ දැන් 8 වසරේ.මම ඉගෙන ගන්නෙත් බොහෝම අමාරුවෙන් මමත් කැමතියි හොඳ තැනකට යන්න.ඒ වුණාට මට එතැනට යන්න විදිහක් නැහැ.ආර්ථික ප්‍රශ්න නිසා.
මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ
අන්තිමට එයාගේ රැකියාව නැති වුණා.අවරුදු 7 ක් අපි වව්නියාව දිසා අධිකරණයේ නඩුවක් කිව්වා.නඩුව කියන අතරවාරයේ මගේ මහත්තයාට හෘද්‍යාබාධයක් හැඳිලා මිය ගියා.මිය ගිහිල්ලා මාසෙකට පස්සේ තමයි එයා නිදොස් කොට නිදහස් වුණේ කිලින් නිකම්ම නිදහස් වුණා.මිය යන කාලේ මට මගේ බාලදරුවා ලැබෙන්න තමයි මම හිටියේ.දැන් මිය ගිහිල්ලා අවරුදු 11 ක් පමණ වෙනවා.ඔබතුමාලාගේ අවධානය යොමු කරලා මගේ දරුවො හදා ගන්නයි දරුවන්ට උගන්වා ගන්නයි සහනයක් සලසා දෙන මෙන් ඔබතුමාලාගේ ඉල්ලා සිටිනවා.
වීඩියෝව පහතින්..
VIDEO