දෙනියායේ සත් මහලේ දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණ පිරිසක් අතරින් එක තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මහරගම ගරාජයක සේවය කරන ගොදමනාගොඩ- නාපේ -තෙලිජ්ජවිල හසුන් සමීර නමැති 25 හැවිරිදි තරුණයෙකුයි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ.
මහරගම ගරාජයේ සේවය කරන 6 දෙනෙකු මෙසේ දෙනියාය- පල්ලෙගමට පසුගිය 13 වන දා ගොස් ඇත්තේ සිය ආයතන ප්‍රධානියාගේ මවගේ තුන් මාසයේ දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමටයි.
එහිදී තරුණයන් පස්වරු 1.30ට පමණ සත්මහලේ ඇල්ලට දිය නෑමට ගොස් තිබෙනවා.
දිය නාමින් සිටින අතරේ දෙවන මහලේ දිය නාමින් සිටි තරුණයෙකු එක්වරම අතුරුදන් වී ඇති බවයි සෙසු පිරිස කියා ඇත්තේ.
පසුව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පොලිසියට ද දැනුම් දී ඊයේ(13) ඔහු සෙවීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වුනා.
අනතුරුව අද(14) උදෑසන 6.40ට පමණ සිරුර ජලය මතුපිට දිස් වී තිබෙනවා.
පසුව පොලිසියට දන්වා ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් මළ සිරුර ගොඩ ගත්තා.