පසුගිය වසර 157 පුරා අඛණ්ඩව ලන්ඩන්වාසීන්ට වේලාව සලකුණු කළ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසු කුළුණ අගෝස්තු 21 වන දා නිහඬ වනවා.
සිව් වසරක කාලයක් සඳහා බිග්බෙන් ඔරලෝසු කුළුණ නිහඬ වන්නේ එහි අලුත්වැඩියා කිරීම් සඳහායි.
කෙසේ නමුත්, නව වසර උදාව වැනි වැදගත් අවස්ථාවන්හිදී එය නාද කිරීමට බලධාරීන් පියවර ගනු ඇති.
සිව් වසරක් නිහඬවීමට පෙර බිග්බෙන් කුළුණේ අවසන් නාදයට කන් දීම සඳහා ලබන සඳුදා, තේම්ස් නදියේ ඉවුරේ පිහිටි වෙස්මිනිස්ටර් මැදුරේ සිට පාර්ලිමේන්තුව දක්වා ප්‍රදේශයට එක්රැස් වන ලෙස ජනතාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.