දැන් කාලයේ තරුණියන් විවිධ වු පුවත් මවනවා. බොහෝ අය පුවත් මවන්නේ තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න දේවල් නිසයි.
Jennifer Pamplona නම් 24 හැවිරිදි මේ තරුණිය සරාගී Kim Kardashian වගේ වීමට මේදය පයින්ට් 4ක් තමන්ගේ පසු පස ප්‍රදේශයට එන්නත් කරගෙන ඇති බවට විදෙස් වෙබ් අඩවි සඳහන් කර තිබෙනවා.
ඇය මේ සඳහා ඇමරිකානු ඩොලර් 500,000ක් පමණ වියදම් කර ඇති බවයි පැවසෙන්නේ.
ඇය මේ ක්‍රියාවලිය සඳහා වෛද්‍යවරු අට දෙනෙකුගෙන් පමණ උපදෙස් ගෙන ඇති අතර එය ඉතාමත් භයානක අත්දැකීමක් වු බව ඇයම පවසා තිබේ. නමුත් ඇගේ ආශාව ඉටුකර ගැනීමට ඈ තම ජීවිතය වුවද පරදුවට තබා මෙසේ එන්නත් කිරිම සිදුකර ඇති බව වැඩි දුරටත් සඳහන් කර ඇත.