ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟය ලකුණු 171න් සහ ඉනිමකින් ජයගැනීමට ඉන්දියාව සමත් වුනා.
අද දිනයේ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලන් දැවී යද්දී ශ්‍රී ලංකාව දෙවන ඉනිමට රැස්කරගෙන තිබුණේ ලකුණු 181ක් පමණයි.
ශ්‍රී ලංකාව සමග අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පෙරළිය සිදුවූ ඊයේ දෙවන දිනය ආරම්භ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 329 ක් ලබාගෙන සිටියා.
ඔවුන් සිය අවසන් කඩුලු 4 ට ලකුණු 158 ක් රැස්කරගැනීමද විශේෂ වනවා.
ඉන් වැඩි බරක් කරටගත් හර්දික් පාන්ඩ්යා සිය මංගල එක්දින ශතකය ලෙසින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 108 ක්.
පන්දු 96 කින් වාර්තාවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් වුණා.
අවසන් පිතිකරුවා ලෙස පාන්ඩ්යා දැවීයන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වුණේ ලකුණු 487 ක් ලෙසින්.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 5 ක් සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3 ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු පරිදි දියාරු පිතිකරණ රටාවක නිරත වුණා.
එහි අවසන් ප්‍රතිඵලය වුණේ පැය 3 කටත් අඩු කාලයක් තුළ ඔවුන් සියලුදෙනාටම ක්‍රීඩාගාරයට ගොස් අසුන් ගැනීමට සිදුවීමයි.
ඉන්දීය පන්දු යවන්නන්ට පහසු ගොදුරු බවට පත්වුණු ඔවුන් සිය පළමු ඉනිම අවසන් කළේ ලකුණු 135 ක් පමණක් ලබා ගනිමින්.
චන්දිමාල් පමණක් ලකුණු 48 ක් රැස්කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පළමු ඉනිම සුන්කළ කුල්දීප් යාදව් කඩුළු 4ක් දවාගත්තා.
ලකුණු 352 ක පළමු ඉනිමේ වාසියක් ලබාසිටි ඉන්දීය නායක විරාත් කෝලි තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට යළි පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීමටයි.
ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සටන්වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 181ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදී අශ්වින් කඩුලු 4 ක් සහ මොහොමඩ් සාමි කඩුලු 3 ක් දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන්කර දමමින්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණය දෙවන තරඟය ජයගැනීමත් සමඟ ඉන්දියාව තහවුරු කරගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව විසින් ඉතිහාසයේ ප්‍රථම වරට පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක් හිමිකරගැනීමට සමත්වූවා.
ලංකාව තුලදී ඉන්දීයාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් පරාජය වන දෙවන අවස්තාව මෙය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.
පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම එකපෙලට දැවීගිය අයුරු පහතින්..