මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන විශේෂ දුම්කොළ පැකට් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ 26 හැවිරිදි තරුණයෙකු අද (14) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න පවසනවා.
මේවා ශ්‍රී ලංකාවේ පළමු පැලැන්තියේ අවන්හල්වල (රෙස්ටුරන්ට්) දුම්කුඩු උරා බොන විශේෂ යන්ත්‍රයකට දමා වාෂ්ප ලෙස උරා බීම සිදු කෙරෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේවා රැගෙන ආ තරුණයා අද (14) දින උදෑසන 6.00 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම තරුණයා මෙවැනි දුම්කොළ පැකට් 1600 ක් තමන් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා ගෙන තිබී රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.
මෙම දුම්කොළ " ශීෂා" රසයෙන් යුතුව නිෂ්පාදනය කර තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් බවයි සදහන් වන්නේ.