තුන් හැවිරිදි මුණුපුරාට නාගයෙකු දෂ්ඨ කර සිටියදී මිත්තනිය විසින් නාවලපිටිය රෝහලට රැගෙන ආ අවස්ථාවේ එම දරුවාගේ සීයා විශාල නාගයෙකු අල්ලාගෙන රෝහලට පැමිණීමත් සමග රෝහලේ සිටි පිරිස බිය වූ පුවතක් වාර්තාවනවා.
අදාළ දරුවා වෛද්‍යවරුන් විසින් පරික්ෂාකර බලා මහනුවර මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම දරුවා ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර මෙම සිදුවීම වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් දරුවා සීයා සහ අච්චි ළග දමා හිතවතකුගේ නිවසකට ගොස් තිබෙනවා.
දරුවා නිවස ආසන්නයේ තිබූ දර මඩුව අසල සෙල්ලම් කරමින් සිටියදීයි මෙලෙස නාගයා දෂ්ඨ කර තිබෙන්නේ.
මේ සමගම අසල්වාසීන් සමග එක් වී මිත්තනිය දරුවා රෝහලට ගෙන ගොස් ඇති අතර සීයා විසින් මහත් පරිශ්‍රමයක් දරා නාගයාව ප්ලාස්ටික් බෝතලයකට අල්ලා රෝහලට රැගෙන විත් තිබෙනවා.