Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
14
මහනුවර ප්‍රදීප්ගේ හදවතින් යළි ජීවය ලබන්නට වාසනාවන්ත වූ පුෂ්පාගේ සංවේදි කතාව - Video

- මහනුවර ප්‍රදීප්ගේ හදවතින් යළි ජීවය ලබන්නට වාසනාවන්ත වූ පුෂ්පාගේ සංවේදි කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
හෘදයේ හැකියාව 12 % අඩුවෙලා තිබිලා..

"මාස දෙකක් ඉදලා තමයි සැත්කමට ගත්තේ"

"බත් ටික කන්න පුලුවන් තනියම. ගොඩක් සතුටුයි මට."

අනුන්ගේ හදවතකින් යළි ජීවය ලබන්නට වාසනාවන්ත වූ පුෂ්පා කුමාරිගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බලන්නට හිරු ප්‍රවෘත්ති කටයුතු කළා.

 

37 හැවිරිදි පුෂ්පා කුමාරි අනුරාධපුරයේ පදිංචි එක්දරු මවක්. විටින්විට ඇතිවූ විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහලට ඇතුළත් වූ ඇයට අවසානයේ සිදුවුණේ මහනුවර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන්නටයි.

ඇයව අනුරාධපුර රෝහලනේ මහනුවර රෝහලට එවා ඇත්තේ හෘදය අකර්මණ්‍ය වුණු රෝගියෙක් ලෙසයි.

හෘදයේ හැකියාව 12 % තත්ත්වයේ තිබූ ඇයට හෘද බද්දයක් සිදු කිරීමට මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු සැලසුම් කර තිබුණා.

පසුව විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා ඇතුළු පිරිස පරීක්ෂණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගණනාවකින් පසු පුෂ්පාගේ ජීවිතය යළිත් පණගැන්වීමේ බැරෑරුම් මෙහෙයුමට අවතීර්ණ වුණා.

දෛවයේ කුරිරුකම් පරාජය කරන්නට පුෂ්පාට ශක්තියක් වුණේ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණු මහනුවර - වෙලම්බොඩ පදිංචිව සිටි 21 හැවිරිදි ප්‍රදීප් කුමාරයි.

ඒ, ප්‍රදීප්ගේ හදවත පුෂ්පාට බද්ධ කිරීමට සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කිරීම හේතුවෙන්.

සැත්කමෙන් මාසයක් ඉක්ම ගිය තැන පුෂ්පාට හෙට දවස ගැන වඩාත් විශ්වාසයෙන් ජීවත්වීමේ අවස්ථාව හිමිවී තිබෙනවා.

මහනුවර ශික්ෂණ රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයේ වාට්ටු අංක 77 ඇය වෙනුවෙන්ම ඉදිකළ කුටියක පුෂ්පා කුමාරි අද මෙලෙස ප්‍රතිකාර ලබනවා.

සැත්කම කළ පුෂ්පා කුමාරි ප්‍රකාශ කළේ මෙලෙසින්..

පෙබරවාරි මාසේ ඉඳලා තමයි අසනීප වුණේ. ඉතින් මාස දෙකක් ඉදලා තමයි සැත්කමට ගත්තේ මෙහෙන්. දැන් ඒක කරලත් හරියට මාසයයි. දැන් ඉතින් ඉස්සරට වැඩිය ගොඩක් හොඳයි. ඇත්තටම දැන් යන්න පුළුවන් තනියම. දත් මදින්න ඒවා මේවා කරගන්න ඔක්කොම කරගන්න පුළුවන්. බත් ටික කන්න පුලුවන් තනියම. ගොඩක් සතුටුයි මට.

ජීවිතයත් මරණයත් අතර දෝලනය වුණු පුෂ්පාට යළිත් ජීවත්වීමේ වාසනාව උරුම කරදුන් වෛද්‍යවරුන්ටනම් ඇයගේ වගකීම අහවර කරන්නට හැකියාවක් නැහැ.

මෙරට ශල්‍ය වෛද්‍ය ඉතිහාසය අලුතින් ලියන්නට ප්‍රධාන දායිකාවක් වුණු පුෂ්පාට තවත් කාලයකට තම ආදරණීය දියණියට මවක් වන්නට ස්වාමියාට සෙනෙහෙබර බිරිඳක් වන්නටත් හැකිවීමේ සතුට කෙතරම්ද යන්නට මේ හැර වෙන සාක්ෂි කුමටද..?

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top