ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදේ රික්ටර් පරිමාණයේ 6 යි දශම 5 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
සුමාත්‍රාවේ - බෙන්කුලූ නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් අද වාර්තාවූූ මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබදව මෙතෙක් තොරතුරු ලැබී නැහැ.
භූ කම්පනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.