Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
13
" මම කවදාවත් දුවට අසාධාරණයක් වෙන තීරණයක් ගන්නේ නෑ..." නිල්මිණි තෙන්නකෝන්

- " මම කවදාවත් දුවට අසාධාරණයක් වෙන තීරණයක් ගන්නේ නෑ..." නිල්මිණි තෙන්නකෝන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

90 Views
 
"දූගේ තාත්තාත් ආසාවෙලා හිටියේ දුවෙක්ට.."

"දුවට තාත්තා නැති කළේ නෑ.."

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ කලාවට රංගන හැකියාව අද ඊයේ ලබා දුන් කෙනෙක් නෙමෙයි. කවුරුත් ආදරේ කරන නිලියක් වගේම ආදරණිය අම්මා කෙනෙක්. ඇය ඇගේ දියණිය ගැන පුවත්පතකට මේ විදිහට අදහස් දක්වා තිබුණා. මේ ඒ ගැනයි.


නිල්මිණි... විවාහ වූ අලුත ආසාවෙන් හිටියේ දු‍ෙවකුටද? පුතෙකුටද?
කොහොමත් මම හරිම ආසාවෙන් හිටියේ දුවෙක්ට තමයි. මම ඉස්සර ඉඳන්ම ඔය කොණ්ඩ මෝස්තර, රූපලවාන්‍ය කටයුතුවලට හරි කැමතියි. ඉතින් මම හරිම ආසාවෙන් හිටියේ මට දුවෙක් ලැබිලා ඒ දුවටත් ලස්සන ලස්සන දේවල් කරන්න... කෝණඩ කරල් ගොතලා ලස්සන කොණ්ඩ කටු ගහන්න. ලස්සන ලස්සන චූටි ගවුම් පොඩි අන්දලා එයාව හැඩකරන්න. එක එක කොණ්ඩ මෝස්තර දාලා දුවත් එක්ක හැඩවැඩ කරන්න මම හරිම ආසාවෙන් හිටියේ. ඉතින් මම හිතුවා වගේම මට ලස්සන චූටි කෙල්ලෙක් ලැබුණා.

නිල්මිණී දරුවා ලැබෙන්න කළින් දැනගෙන හිටියද දුවෙක් කියලා...?
කොහොමත් දුව මගේ කුසට ආවට පස්සේ මගේ ලොකු විශ්වාසයක් තිබුණා මේ මගේ කුසේ ඉන්නේ ලස්සන චූටි කෙල්ලෙක් කියලා. දූගේ තාත්තාත් ආසාවෙලා හිටියේ දුවෙක්ටයි. ඉතින් ඩොක්ටර්ස්ලත් ඇහුවා කාටද කැමති කියලා. ඒ වෙලාවෙත් මම කිව්වේ “මම කැමති දුවෙක්ට. මේ ඉන්නෙත් දුවෙක් නේද ඩොක්ටර් කියලා. ඒ වෙලාවේ මට අද වගේ මතකයි ඩොක්ටර් හිනාවෙලා “බලමු... නේද... කියලා කිව්වා. කොහොම හරි අපි ස්කෑන් කරලා බලද්දී තමයි අපි දැනගත්තේ අපේ විශ්වාසය හරියි කියලා.

දුව ඉපදෙද්දී මොනවගේද...?
එයා හරිම චූටි දරු පැටියෙක් වුණා. ඒවගේම හරිම සුදුයි. හරිම ලස්සනයි. නර්ස්ලත් මට විහිළු කළා ඔන්න අම්මා වගේම ලස්සන චූටි දුවෙක් කියලා. “ඇත්තටම දුව හරිම ලස්සනයි. තාමත් මට එයා චූටි කාලය මැවිලා පේනවා වගේ. ඒ තරමටම මම එයාගේ අතීතයට හරි ආදරේ කරනවා.

ස්වේතා මන්දාකිණි කවුද ඒ නම තිබ්බේ?
ස්වේතා කියන නම තිබ්බේ දුවගේ තාත්තාගේ අම්මා. දුව ඉපදුණු දවසේම ඒ හැමෝම දුවව බලන්න ආවා. ඒ ආපු වෙලාවේ දුවව දැක්ක ගමන් එක පාරටම කියවුණේ අනේ ශ්වේත පාටයි කියලා. ශ්වේත කියන්නේ සුදුනේ. ඉතින් අපිට ඒක එක පාරටම තේරැණේ නෑ. දුවව අරගෙන ගෙදර ආවට පස්සේ මම වීඩියෝ එක බැලුවා. ඒකේදී තමයි මම දැක්කේ දූගේ තාත්තාගේ අම්මා ශ්වේත පාටයි කියලා තියෙනවා. ඉතින් ඒ නිසාම අපි දුවට ස්වේතා මන්දාකිණි කියන නම තිබ්බා.

කුළුදුලේ දුරු පැටියගේ වැඩ කටයුතු කරද්දී මුලදී කොහොමද ඒකට හුරුවුණේ?
ඒ වෙනුවෙන් මගේ අම්මත්, දුවගේ තාත්තාගේ අම්මත් මට ගොඩාක් උදවු කළා. කොහොමත් දූගේ ආච්චිලා දෙන්නගේ ආදරය එයාට හොඳටම ලැබුණා. ඒ වගේම තමයි දූගේ තාත්තත් පුංචි දූගේ වැඩවලට මට උදවු කළා. සමහර රුයවල්වලදී දූ ඇහැරෙද්දී දූගේ තාත්තා නැගිටගෙන එයාව නිදි කරපු දවස් අනන්තවත් තියෙනවා. අනික කොහොමටත් මට ඕනේ වුණේ දූගේ වැඩ ටික මගේ අතින් කරගන්න. ඒ නිසා මුල් දවස් දෙක තුන ඇරෙන්න දුවව නාවන එකේ ඉඳන් හැම දෙයක්ම මම කළා.

ශ්වේතා චූටි කාලේ මොනවගේද...?
ශ්වේතා පුංචි කාලේ ඉඳන්ම හරිම හුරතල් දරුවෙක් වුණා. මටවත් දූගේ තාත්තාටවත් එහෙම ලොකු වදයක් දූ දුන්නේ නෑ. පුංචි කාලේ ඉඳන් දූ ටී.වී. බලන්න හරිම ආසායි. ටී.වී. එක දාලා දුන්නහම එයා චූටි කාලේ වුණත් පුටුවකට වෙලා ඒ දිහා බලාගෙන හිටියා “අම්මා “තාත්තා* කියන වචන කියවන්නත් කළින් එයා මුලින්ම කියවපු වචනය තමයි “මාමයිට් කියලා. ඒ තරමටම එයා මාමයිට් ඇඩ් එක ටී.වී. එකේ දැකලා තිබුණා. පුදුමේ කියන්නේ අදටත් ශ්වේතාගේ ආසම කෑම තමයි මාමයිට් අනික එයාට කොරියානු භාෂාව හොඳට පුළුවන්. භාෂාව ඉගෙන ගෙන එහෙම නෙමේ. Films බලලම වෙන්නත් ඇති. සමහරදාට මම විහිළුත් කරනවා ගිය ආත්මේ කොරියානු ජාතිකයෙක් ද දන්නෙත් නෑ කියලා.

නිල්මිණි හිතපු විදිහට දුවට ලස්සනට අඳින්න පළදින්න පුළුවන් වුණාද...?
චූටි කාලේ එයාට නොතේරෙන කාලේදී මම එයාව ලස්සනට ඇන්දුවා. එක එක චූටි ගවුම් පොඩි අන්දලා හැඩකළා. හැබැයි දැන් එයා එහෙම නෑ. දැන් දුව හරිම සරලයි. එයා වැඩිය විලාසිතා කරන්න ආස නෑ. හැබැයි මම ලස්සනට ඉන්නවට එයා හරි ආසයි. මම කොහේ හරි යන්න අදිද්දී ළඟට ඇවිත් “අම්මී හරි ලස්සනයි කියලා කියනවා. ඉස්සර චූටි කාලේ මෙයා මාව ගෙදරදී හැඩකරනවා. අපි දෙන්නා තනියම ගෙදර ඉදිද්දී කාමරේට වෙලා එක  විලාසිතා කරනවා. දුව මගේ කොණ්ඩේ මෝස්තර දානවා. අපි දෙන්නා එකතුවෙලා ෆොටෝ ගන්නවා. ඇත්තටම දුමයි මගේ ජීවිතේ හරිම සරලයි වගේම හරිම සුන්දරයි.

නිල්මිණි... ඔයාගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ හිත් රිදීම් ඇතිවුණ තැන් තිබුණේ... ඒ දේ දුවට කොහොමද දැනුණේ?
මගේ ජීවිතේ වෙච්චි හැම සිදුවීමකදීම මම කවදාවත් දුවට අසාධාරණයක් වෙන තීරණයක් ගන්නේ නෑ. මොන තීරණ ගනිද්දීත් මම මුලින්ම හිතුවේ දුව ගැනයි. අනික මගේ ජීවිතේ මට කොච්චර හිත් රිදීම් ඇතිවුණත් මම කවදාවත් ඒ හිත් රිදීම් දුවට හිත් රිදීමක් කළේ නෑ. ඒ දේ දුව හොඳටම දන්නවා. අනික මම කවදාවත් දුවට දුවගේ තාත්තාව නැති කළේ නෑ. එයාට දූගේ තාත්තා ඉන්නවා. දුව තමයි මගේ ජීවිතේ දුව චූටි කාලේදී මම දරුණු රිය අනතුරකට ලක්වුණා. එදා මගේ චූටි කෙල්ල අම්මා සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කළා. ඒ වගේම මේ රටේ බොහෝ දෙනා මාව ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කළා. චූටි දුව නිසාම එදා දෙවියෝ මගේ ජීවිතේ නැවත මට දුන්නා.

අද දුව වැඩිපුරම කැමති මොනවටද?
දුව හරි ආසයි පොත් කියවන්න. ඒ වගේම එයා සින්දු අහනත් හරි ආසයි. එයාට හරි ලස්සනට පියානෝව වාදනය කරන්න පුළුවන්. එයා සංගීතයට හරි ආසයි. සංගීතයට හරි දක්ෂයි. ඒ වගේම ශ්වේතාගේ අධ්‍යාපන කටයුතු වුණත් එයා හොඳට කරගෙන යනවා. එයා O/L විභාගය කළා. එයාගෙන් කිසිම කරදරයක් නෑ.

අද අම්මගෙයි දුවගෙයි අතර තියෙන බැඳීම කොහොමද?
ශ්වේතා දන්නවා මම එයාට හොඳ අම්මා කෙනෙක් කියලා. මොන වැඩ තිබ්බත් මගේ චූටි ලෝකය තමයි එයා. ශ්වේතා O/L විභාගය කාලයේදී මම කිසිම වැඩක් බාරගත්තේ නෑ. ශ්වේතාට මම ඕනෑම දෙයක් කියන්න පුළුවන් අම්මා කියන සීමාවේ ඉඳලා දරුවා කියන සීමාවේ ඉඳලා අපි දෙන්නා ඉන්නේ නෑ. මම ශ්වේතාට කියන්නේ අම්මා කියලා එයා මට බයවෙන්න ඕනේ නෑ. හැබැයි ගරුත්වය දෙන්න කියලයි. ඒ ගරුත්වය මට විතරක් නෙමේ හැම වැඩිහිටියකුටම දෙන්න ඕනේ. ශ්වේතා හරිම කීකරු දරුවෙක්. ශ්වේතා කියන්නේ මට දුවෙක්. වෙලාවකට සහෝදරියක්, යාළුවෙක් ජීවිතේ සමහර වෙලාවට මට එයා අම්මා කෙනෙක්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top