Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
මීගමුවේදී කොටුවූ අපරාධ කල්ලියේ මාකදුරේ මධූෂ්ගේ ගෝලයෙක් - වෙන්න ගිය විනාශයක් නැවතූ STF මෙහෙයුම මෙන්න - Video

- මීගමුවේදී කොටුවූ අපරාධ කල්ලියේ මාකදුරේ මධූෂ්ගේ ගෝලයෙක් - වෙන්න ගිය විනාශයක් නැවතූ STF මෙහෙයුම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,956 Views
මීගමුව කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ එක් පුද්ගලයෙකු සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් නමැත්තාගේ සමීපතමයෙකු බවට හෙළි වී තිබෙනවා.

වජිර කුමාර නමැති 41 වියේ පසුවන මෙම පුද්ගලයා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකවයි.



මධූෂ් නමැති පාතාල නායකයා මේ වනවිට මැදපෙරදිග - ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අපරාධයක් සිදුකිරීමේ අරමුණින් ඊයේ (12) පස්වරුවේ වජිර කුමාර නමැත්තා ඇතුලූ හතර දෙනෙකු වෑන් රථයකින් යමින් සිටියදී විශේෂ කාර්ය බලකාය ලූහුබැද ගොස් මාර්ගය හරස් කර වෑන් රථය නවතා තිබෙනවා.

එම අවස්ථාවේදී එහි සිටි පිරිස් පොලිසියට වෙඩි තබා ඇති අතර, එල්ල කෙරුණු ප්‍රතිප්‍රහාර වලින් වෑන් රථයේ සිටි දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වනවිට මීගමුව පොලිසිය භාරයේ පසුවන බවයි විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

වෙඩි වැදීමට ලක්වු මාකදුරේ මධූෂ් සමීපතමයෙකු වන වජිර කුමාර සීදුව රාජපක්ෂපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු අපරාධයක් සිදුකිරීම නිසා බන්ධනාගාරගතව සිට මෑතකදී නිදහස්ව පැමිණි අයෙකු බව සදහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් සැකකරු රාගම ශික්ෂණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයී.

28 වන වියේ පසුවන ඔහු හෝමාගම - කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හෙළි වී තිබෙනවා.

වෙඩි හුවමාරුවෙන් මොවුන් ගමන්ගත් වෑන් රථයට බරපතල හානි සිදුවූ අතර, එහි තිබී ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පිස්තෝලයක් සොයා ගැනුණා.

එසේම, වාහන අංක තහඩු කිහිපයක් ද එහි තිබී හමුවූ අතර, මේ පිළිබදව ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.





---------------------------------------
STF සෙබලු මීගමුවේදී කොල්ල කල්ලිය මට්ටු කරපු හැටි - Videos

මීගමුව - කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර ඊයේ (12) පස්වරුවේ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ කොල්ලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට කොල්ලකරුවන් පිරිසක් වෑන් රථයකින් මීගමුව දෙසට ගමන් කරන බවට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ලූහුබැද ගිය පොලිස් විශේෂ කාර්ය බලකාය වෑන් රථය හරස් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග ඔවුන් වෙඩි තබා තිබෙනවා.

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් ද වෙඩි තබා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ප්‍රකාශ කළේ.

වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ කොල්ලකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෑන් රථයේ තිබී අවි ආයුධ තොගයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

වීඩියෝව පහතින්..







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  3,338 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,699 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  53,759 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,411 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,553 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,204 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,899 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,246 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,978 Downloads



Top 10 Commenters

Latest Comments

Top