බද්දේගම, ගොඩවත්ත දකුණ ප්‍රදේශයේ නිවසක අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අප වාර්තාකරු කියා සිටියේ අද අලුයම 5.00ට පමණ සිදුව ඇතිවෙඩි තැබීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි.
බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස පිහිටි මෙම නිවසට, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා එහි දොරගුළු බිඳ ඇතුල්වී තිබෙනවා.
එලෙස ඇතුල්වූ පුද්ගලයා නිවස තුල නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා යන්නට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී වෙඩි වැදුණු පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සමඟ පොරබදා ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී කාන්තාව විසින් කිරි හට්ටියකින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට පහර දී ඇති අතර ඔහුට බරපතල තුවාල සිදුව තිබෙනවා.
තුවාල ලැබූ සැකකරු පලාගොස් ඇති අතර වෙඩි වැදීමට ලක්වූ නිවැසියා රෝහල් ගතකර තිබෙනවා.
වෙඩි වැදුනු පුද්ගලයාගේ අතට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු නාවික හමුදාවේ සේවයේ යෙදී සිට මේ වනවිට ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස රැකියාව කරන අයෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පොර බැදීමේදී බිම වැටී තිබූ වෙඩි තබා පලා ගිය සැකකරුගේ ජංගම දුරකථනය සහ ගිනි අවිය සොයාගෙන තිබෙනවා.